23rd December 2025
2025 යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු සංග්‍රාමික වෙඩි තැබීමේ ශූරතාවලියේ සහතිකපත් සහ කුසලාන ප්‍රදානය කිරීමේ උත්සවය 2025 දෙසැම්බර් මස 22 දින දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ පිහිටි සිනො-ලංකා මිත්‍රත්ව ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රධාන අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහභාගී විය.
මෙම තරඟාවලිය ශ්‍රී ලංකා යුද්ධ හමුදා සුළු අවි සංගමය සහ ප්‍රගුණ වෙඩිකරු පුහුණු පාසල එක්ව සංවිධානය කරන ලදී. මෙම ශූරතාවලිය 2025 නොවැම්බර් මස 04 දින සිට 15 දින දක්වා රෙජිමේන්තු 23ක් නියෝජනය කරමින් කණ්ඩායම් 37ක් සහ වෙඩික්කරුවන් 405 දෙනෙකු විවෘත, ආධුනික සහ සේවා රෙජිමේන්තු යන අංශ යටතේ දියතලාව මීටර් 1000 වෙඩි පිටියේදී පවත්වනු ලැබීය.
එසේම, මෙම උත්සවය අතරතුරදී යුද්ධ හමුදා සුළු අවි සංගමයේ වෙඩිකරුවන් විසින් කුඩා අවි ප්‍රදර්ශනයක් සහ වෙඩි තැබීමේ සංදර්ශණයක් ද පවත්වන ලදී.
ශූරතාවලියේදී, වෙඩික්කරුවන් 63 දෙනෙකු පළමු වරට ප්‍රගුණ වෙඩිකරු ලාංඡනය ලබා ගැනීමට සුදුසුකම් ලැබූ අතර, වෙඩික්කරුවන් 121 දෙනෙකු යුද්ධ හමුදාධිපති පදක්කම ලබා ගැනීමට සුදුසුකම් ලැබීය.
මෙම උත්සවය අවසානයේදී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සුළු අවි සංගමයේ සභාපතිවරයා විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.
මෙම අවස්ථාවට යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ දොලගේ USP nps psc සහ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් RWP RSP ndu psc ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් රැසක් සහභාගී වූහ.
පහත සඳහන් රෙජිමේන්තු සහ පුද්ගලයින් ඔවුන්ගේ අදාළ කාණ්ඩවල විශිෂ්ටත්වය දැක්වූහ:
විවෘත කණ්ඩායම් ශූරතාවය
•ශූරතා: විශේෂ බලකාය
•අනුශූරතාවය: කමාන්ඩෝ රෙජිමේන්තුව
•පළමු අනුශූරතාවය: ගැමුණු හේවා බලකාය
>නවක කණ්ඩායම් ශූරතාවලිය
•ශූරතාවය: කමාන්ඩෝ රෙජිමේන්තුව
•අනුශූරතාවය: ගැමුණු හේවා බලකාය
•පළමු අනුශූරතාවය: විශේෂ බලකාය
සේවා රෙජිමේන්තු ශූරතාවය
•ශූරතාවය: ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය
•අනුශූරතාවය: ඉංජිනේරු සේවා බලකාය
•පළමු අනුශූරතාවය: ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව
කේවල දක්‍ෂතා
•සමස්ත හොඳම වෙඩි තැබීම - ලුතිනන් එම්.ඒ.ආර්.ටී.එන් වික්‍රමනායක - 3 වන විශේෂ බලකාය
•දක්‍ෂතම වෙඩි තැබීම - ධජ ශ්‍රේණිය කාණ්ඩය (මේජර් ජෙනරල්/බ්‍රිගේඩියර්) - බ්‍රිගේඩියර් එච්.ඒ.ඒ.එන්.සී ප්‍රභාත් RSP USP
•දක්‍ෂතම වෙඩි තැබීම - ජ්‍යෙෂ්ඨ නිලධාරි කාණ්ඩය (කර්නල්/ලුතිනන් කර්නල්) - කර්නල් එස්. රාජපක්ෂ
දක්‍ෂතම වෙඩි තැබීම - නවක කාණ්ඩය - කෝප්‍රල් ඩබ්ලිව්.එම්.ජේ.කේ විජේකෝන් - 3 කමාන්ඩෝ රෙජිමේන්තුව
•දක්‍ෂතම වෙඩි තැබීම - සේවා රෙජිමේන්තු කාණ්ඩය - මේජර් ඩබ්ලිව්.ඒ.ඩී.එස් අබේනන්ද - 2 ඉංජිනේරු සේවා රෙජිමේන්තුව
•දක්‍ෂතම බලලත් නිලධාරි - WO II නාගොඩවිතාන ඩී.පී – 14 (ස්වේච්ඡා) බලඇණිය ගැමුණු හේවා බලකාය
•දක්‍ෂතම වෙඩි තැබීම – කාන්තා කාණ්ඩය -මේජර් ආර්.එම්.ඒ.කේ රත්නායක – 7 බලඇණිය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය