16 වන ශ්‍රී ලංකා හමුදා ආරක්‍ෂක භට කණ්ඩායමේ ප්‍රථම උපකරණ පරික්‍ෂාව සාර්ථකව අවසන්

16 වන ශ්‍රී ලංකා හමුදා ආරක්‍ෂක භට කණ්ඩායම 2025 ජූලි මස 04 දින සිය රාජකාරීන් භාරගැනීමෙන් අනතුරුව එම භට කණ්ඩායමේ ප්‍රථම උපකරණ පරීක්‍ෂාව 2025 සැප්තැම්බර් මස 04 වන දින මෙම වසරේ තෙවන කාර්තුව සඳහා සිදුකෙරිණි. ඒ අනුව, ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේ නිලධාරින් 18 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් විසින් නකූරා ප්‍රදේශයේ ස්ථාපිත එම කඳවුරේදී මෙම උපකරණ පරික්‍ෂාව සිදුකරන ලදී.

පරීක්‍ෂණය අවසානයේදී ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේ නිලධාරින් විසින් කිසිදු නිරීක්‍ෂණයක් ඉදිරිපත් නොකරමින් එම කණ්ඩායම සතු මෙහෙයුම් සූදානම සහ උපකරණ නඩත්තුව පිළිබඳ ඉහළ ප්‍රමිතියක් ලබාදෙමින් එම කණ්ඩායම ඇගයීමට ලක්කරන ලදී.

ඒ අනුව, 16 වන ශ්‍රී ලංකා හමුදා ආරක්‍ෂක භට කණ්ඩායම සඳහා සාර්ථක ආරම්භයක් සනිටුහන් කරමින් මෙම උපකරණ පරික්‍ෂාව සිදුකෙරුණු අතර මෙමගින් එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේ සාමසාධක කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ අඛණ්ඩ දායකත්වය පෙන්නුම් කරනු ලබයි.