14 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ධූරයේ රාජකාරි අරඹයි

14 පාබල සේනාංකයේ 13 සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් ආර්.පී.එස් ප්‍රසාද් RWP RSP USP 2025 ඔක්තෝබර් මස 18 දින සේනාංක මූලස්ථානයේදී ආගමික ආශිර්වාද සහ හමුදා සම්ප්‍රදායන් මධ්‍යයේ ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී.

ධූරයේ රාජකාරි භාර ගැනීමෙන් අනතුරුව, නව සේනාංකාධිපති භටපිරිස් ඇමතීමෙන් අනතුරුව, සියලු නිල තේ පැන් සංග්‍රහයකට සහභාගි වූහ. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් ද සහභාගි වූහ.