11 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ධූරයේ රාජකාරී අරඹයි

කමාන්ඩෝ රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් ටී. .සී.එම්.ජී.එස්.ටී කුරේ RWP RSP USP ndc psc 11 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස 2025 ජුනි මස 24 දින පල්ලේකැලේ පිහිටි එම පාබල සේනාංක මූලස්ථානයේදී ආගමික ආශිර්වාද සහ හමුදා සම්ප්‍රදායානුකූලව ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.

එම අවස්ථාව සනිටුහන් කරමින් නව සේනාංකාධිපති සමූහ ඡායාරූපයක් සඳහා පෙනී සිටීමෙන් පසුව සියලු නිල තේ පැන් සංග්‍රහයකට ද එක් විය. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසු නිලයන් පිරිසක් සහභාගි වූහ.