1 බලකායේ 4 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි

1 බලකායේ 4 වන සංවත්සරය 2025 ඔක්තෝබර් මස 17 දින එම මූලස්ථානයේදී අභිමානවත් අයුරින් සමරනු ලැබීය. ඒ වෙනුවෙන් ඔක්තෝබර් මස 15 සහ 16 යන දිනයන්හිදී කිලිනොච්චි ලුම්බිණි විහාරය, ශාන්ත තෙරේසා රෝමානු කතෝලික දේවස්ථානය සහ මුරුක්කන්ඩි හින්දු කෝවිලේදී සර්ව ආගමික වතාවත් පවත්වන ලදී.

සංවත්සර දිනයේදී, 1 බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් කේ.එච්.එම්.එස් වික්‍රමරත්න RSP වෙත 8 වන රෙජිමේන්තු ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී. මෙම අවස්ථාව සනිටුහන් කරමින්, එම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් කඳවුරු පරිශ්‍රයේ සඳුන් පැළයක් රෝපණය කිරීමෙන් අනතුරුව, සමූහ ඡායාරූපයක් සඳහා පෙනී සිට භටපිරිස් ඇමතීම සිදුකරන ලදී.

මෙම අවස්ථාවට එම බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් සහභාගි වූහ.