නිදහස් දින පෙළපාලියේ පෙර පුහුණුවීම් සාර්ථකව පැවැත්වේ

4th February 2016

68 වන නිදහස් දිනය (පෙබරවාරි 04) වෙනුවෙන් ගාලු මුවදොර පිටිය අභියස දී පැවැත්වීමට නියමිත හමුදා පෙළපාලියේ පෙර පුහුණුවීම් කටයුතු දෙවැනි දිනටත් අඟහරුවාදා (02) දින පැවැත්වුණි. මෙම පෙර පුහුණු කටයුතු නිරීක්ෂණය කිරීමට ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා, යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා, ගුවන් හමුදාපති ගගන් බුලත්සිංහල, යුද හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍ර‍ධානි මේජර් ජෙනරාල් ඊ.එම්.එම් අඹන්පොල, විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් නන්දන උඩවත්ත, පෙළපාලි අණදෙන්නා ලෙස ක්‍රියා කරන මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක මෙන්ම ත්‍රිවිධ හමුදා, පොලිස් හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් එක්ව සිටි අතර, එය වඩා සාර්ථක කරගැනීමට අවැසි උපදෙස් ද ඔවුන් විසින් ලබාදුනි. යුද හමුදාවේ සියලු රෙජිමේන්තු නියෝජනය කරමින් ආබාධිත සෙබලුන් ද ඇතුලත් ව යුද හමුදා සෙබලු 4365 දෙනෙක් (නිලධාරින් 223 සහ සෙසු නිලයින් 4142 ක්) පෙළපාලිය නියෝජනය කිරීමටත් සෙසු රාජකාරි සඳහාත් යොදවා ඇත.