19 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භට පිරිස් ලක්‍ෂපාන මධ්‍ය මහා විද්‍යාලයේ ‘කවි බණ’ ධර්ම දේශනාවක් සංවිධානය කරයි

21st August 2024

19 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භට පිරිස් විසින් ලක්‍ෂපාන මධ්‍ය මහා විද්‍යාලයේදී ‘කවි බණ’ ධර්ම දේශනාවක් 2024 අගෝස්තු මස 16 දින සංවිධානය කරන ලදී. සිවිල් වැසියන් සහ හමුදා සාමාජිකයන් අතර අනොන්‍යය බැඳීම ශක්තිමත් කිරීම මෙම වැඩසටහන සංවිධානය කිරීමේ අරමුණ විය.

පූජ්‍ය මානකදුරේ පඤ්ඤාසාර හිමියෝ කාව්‍යමය ධර්ම දේශනාව පැවැත්වූ අතර, 19 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ අණදෙන නිලධාරී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සෙසු නිලයින් ලක්‍ෂපාන ප්‍රදේශයේ සිවිල් වැසියන් මෙම අවස්ථාවට සහභාගී වූහ.