කොලංගස්වැව ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා ඇති පවුලකට නව නිවසක් ඉදිකර දෙයි

19th August 2024

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව 4 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ සහ 9 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් කොලංගස්වැව පෙරිමියන්කුලම ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා ඇති පවුලක් සඳහා නව නිවසක් ඉදි කර දෙන ලදී.

2024 අගෝස්තු මස 16 දින එම නිවස, ප්‍රථිලාභින් වෙත පවරාදීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් සහභාගී වූයේය.

වෛද්‍ය ජිනංජලා ශානිකා විජයගුණසේකර මහත්මියගේ දියණිය වන වෛද්‍ය තරුෂි දිල්හාරා පෙරේරා මහත්මිය විසින් ලබා දුන් මූල්‍ය අනුග්‍රාහක දායකත්වය මත නව නිවස ඉදි කරන ලදී..