ශ්‍රී ලංකා යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ ආඥාපති නිරීක්ෂණ සංචාරිකාවක
14th August 2024
ශ්‍රී ලංකා යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරල් ඊ.එම්.එම්. ප්‍රනාන්දු එච්එම්සී එල්එස්සී ඒඒටීඕ 2024 අගෝස්තු මස 07 දින ඉංජිනේරු සේවා බලකායේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
එතුමන්ගේ නිරීක්ෂණ චාරිකාවේදී ඉංජිනේරු සේවා බලකායේ වත්මන් සහ ඉදිරි මෙහෙයුම් පිළිබඳව ඇති සූදානම සොයාබැලු අතර, එතුමන් සැපයුම් සහ ඉංජිනේරු මෙහෙයුම් අංශයේ මෑත කාලීනව සිදුවූ වර්ධනය සහ ඒහා සම්බන්ද ගැටළුන් විසඳීම පිළිබඳව නිලධාරීන් සහ සෙසු නිලයන් සමඟ සාකඡාකරන ලදී.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන්ද සහභාගී වූහ.