53 පාබල සේනාංකයේ සේනාංකාධිපති 532 පාබල බලසේනාවේ නිල සංචාරයක

13th August 2024

53 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.ටී.අයි. මහලේකම් ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී 2024 අගෝස්තු මස 08 දින 532 පාබල බලසේනාවේ නිල සංචාරයක නිරත වූයේය.

ප්‍රධාන දොරටුව වෙත සපැමිණි සේනාංකාධිපති 532 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සී.පී වික්‍රමරත්න ආර්එස්පී යූඑස්පී විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර, අනතුරුව, එම බලසේනාවේ භට පිරිස් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුද කළේය. එම අවස්ථාව සනිටුහන් කරමින් සේනාංකාධිපති තුමන් කඳවුරු පරිශ්‍රයේ පැලයක් රෝපනය කරමින් සමූහ ඡායාරූපයකට පෙනී සිටියේය අනතුරුව, එතුමන් සියලු නිල තේපැන් සංග්‍රහයකට සහභාගිවූයේය.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන්ද සහභාගී වූහ.