ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය ජාතික ආරක්‍ෂක විද්‍යාලයේදී දේශනයක් පවත්වයි

12th August 2024

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් 2024 අගෝස්තු මස 09 දින ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ ශිෂ්‍ය නිලධාරින් වෙත දේශනයක් පවත්වන ලදී. ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩී.ජී.එස් සෙනරත් යාපා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ආරාධනයෙන් පැවැත් වූ මෙම දේශනයයේදී “The New World Order’s Influence on Military Conflicts and Its Implications for International Security” පිලිබඳව අවධානය යොමු කරන ලදී.

සෞදි අරාබිය, බංගලාදේශය, ඉන්දියාව සහ ඕමානය යන රටවල විදේශ හමුදා නිලධාරින් 8 දෙනෙකු සමඟ සන්නද්ධ හමුදාවන් වල සහ ශ්‍රී ලංකා පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් 41 දෙනෙකු මෙම දේශනයට සහභාගි වුහ. දේශනයෙන් අනතුරුව, යාපනය ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් සමඟින් ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ සේනාවිධායකතුමන්ගේ කාර්යාලයේදී සුහඳ හමුවක් පැවැත් විය.