22 පාබල සේනාංකය ආනන්ද විහාරයේ දහම් පාසලේදී පරිත්‍යාග වැඩසටහනක් සංවිධානය කරයි

12th August 2024

22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.එම්. පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී මඟපෙන්වීම යටතේ 6 (ආධාරක) රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකාය විසින් ගල්කඩවල ආනන්ද විහාරයේ දහම් පාසලේ දී ළමුන් සඳහා දිවා භෝජන සංග්‍රහයක් සහ පාසල් ලිපි ද්‍රව්‍ය 2024 අගෝස්තු මස 11 දින සපයන ලදී.

මෙම අවස්ථාවට 22 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්, පාසල් ලමුන්ගේ පවුලේ සාමාජිකයන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් ද සහභාගී වූහ.