යුද්ධ හමුදා පර්යේෂණ සංකල්ප හා මූලධර්ම අධ්‍යක්‍ෂකතුමන් ප්‍රගුණ හා සැඟවුණු වෙඩිකරු පුහුණු පාසලේ අධීක්ෂණ සංචාරයක
10th August 2024
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පර්යේෂණ සංකල්ප හා මුලධර්ම අධ්‍යක්‍ෂක බ්‍රිගේඩියර් ටී.එන් මජීඩ් ආර්එස්පී යූඑස්පී එන්ඩිසී අයිඑස්සී ප්‍රගුණ හා සැඟවුණු වෙඩිකරු පුහුණු පාසලේ 2024 ජුලි මස 31 දින පුහුණු විගණන අධීක්ෂණ සංචාරයක නිරත විය.
ප්‍රගුණ හා සැඟවුණු වෙඩිකරු පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් ආර්.පී. මුණිපුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සහ පුහුණු පාසලේ මාණ්ඩලික නිලධාරීන් විසින් එම පුහුණු පාසලේ සමස්ත කාර්යභාරය පිළිබඳව සවිස්තරාත්මක විස්තරයක් එතුමන් වෙත ඉදිරිපත් කරන ලදී. අනතුරුව, පුහුණු අංශවලට අදාළ අනෙකුත් කරුණු පිළිබඳවද එතුමන් වෙත පැහැදිලි කරන ලදී.