53 පාබල සේනාංකයේ සේනාංකාධිපති ගුවන් සංක්‍රමික බලසේනාවේ නිල සංචාරයක
9th August 2024
53 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.ටී.අයි. මහලේකම් ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී වවුනියාව වේලන්කුලම් ප්‍රදේශයේ ස්ථාපිත ගුවන් සංක්‍රමික බලසේනාවේ 2024 අගෝස්තු මස 07 දින සංචාරයක නිරත විය.
ප්‍රධාන දොරටුව වෙත සපැමිණි සේනාංකාධිපතිතුමන්ට හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය 3 ශ්‍රී ලංකා පාබල හමුදාවේ භට පිරිස් විසින් පුද කිරීමෙන් අනතුරුව, එම බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඒ.ඩී. රොද්‍රිගෝ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් එතුමන්ව උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
මෙම සංචාරයේදී සේනාංකාධිපති තුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීමෙන් අනතුරුව, සුභසාධන පහසුකම් වැඩිදියුණු කිරීමේ සහ විනය ඉහල මට්ටමින් පවත්වාගැනීමේ අවශ්‍යතාවය භට පිරිස් අමතමින් අවධාරණය කළේය. මෙම සංචාරය සනිටුහන් කරමින් සමරු ඵලක හුවමාරුවකින් පසුව සියලු නිල තේපැන් සංග්‍රහයක් පැවැත්විණි. අනතුරුව විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් තබමින් සංචාරයේ වැඩ කටයුතු අවසන් විය.