රජවැව ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා ඇති පවුලකට නව නිවසක්

11th August 2024

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එස්.ඒ. කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී ගේ උපදෙස්මත, 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.එම්. පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ අධික්ෂණය යටතේ 5 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භට පිරිස් විසින් රජවැව තල්ගස්වැව ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා ඇති පුද්ගලයෙකු සදහා නව නිවසක් 2024 අගෝස්තු මස 7 දින සාදා නිමකර දෙන ලදී.

මෙම අභිනවයෙන් ඉදිකරන ලද නිවස ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර විසින් ප්‍රතිලාභියා වෙත පවරා දෙන ලදී. මෙම ව්‍යාපෘතිය සඳහා මූල්‍ය අනුග්‍රාහක දායකත්වය සන්තුෂ් වීරමන් මහතා විසින් ලබාදුන් අතර, මීට අමතරව වැඩසටහනේ අංගයක් ලෙස තෝරාගත් අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් ගවයින් පස් දෙනෙකු පරිත්‍යාග කිරීමඳ මෙම අවස්ථාවේදී සිදුවිය.

මෙම වැඩසටහන සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, සෙසු නිලයන් සහ ගම්වාසීහුද සහභාගි වූහ.