නව ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් රාජකාරි අරඹයි

11th June 2023

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් නව ආඥාපති ලෙස ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ මේජර් ජෙනරල් එම්.කේ. ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ජුනි මස 09 දින එම මූලස්ථානයේ පැවති කෙටි උත්සවයකදී රාජකාරි භාරගත්තේය.

ආරක්‍ෂක සේනා මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් එම්.කේ. ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව එතුමන් ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟ එක්ව ආගමික වතාවත්වල නිරතවිය.

මේජර් ජෙනරල් එම්.කේ. ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සංකේතාත්තමක නිල ලේඛනයකට අත්සන් තබමින් ධුරයේ රාජකාරි කටයුතු භාරගැනීම සනිටුහන් කළේය.

මේජර් ජෙනරල් එම්.කේ. ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ භටපිරිස් ආමන්ත්‍රණය කරමින් සිය රාජකාරීන් පිළිබඳ පැහැදිළි කළ අතර රටේ අභිවෘද්ධිය සහ යුද්ධ හමුදාවේ ප්‍රතිරූපය ප්‍රවර්ධනය කිරීම උදෙසා කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳ පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ සේවයේ නියුතු 57, 59, 64, 66 සහ 68 පාබල සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරින්, මාණ්ඩලික නිලධාරින්, අණදෙන නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.