අන්තර් රෙජිමේන්තු මළල ක්‍රීඩා ශුරතාවලිය - 2016 නව තරඟ වාර්තා සමඟ නිමාවේ
27th September 2016
53 වන යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු මළල ක්‍රීඩා තරඟාවලිය ඉරිදා (25) සන්ධ්‍යාවේ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ දී නිමා වූ අතර, ජයග්‍රාහකයන් වෙත කුසලාන පිරිනැමීම එහිදී සිදුවිය. ත්‍යාග ප්‍රදානෝතසවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස යුද්ධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සහභාගි විය. 53 වන යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු මළල ක්‍රීඩා තරඟාවලිය - 2016 සිකුරාදා (23) දින ආරම්භ වූ අතර ඉරිදා (25) අවසන් විය. උත්සවයේ අවසන් අවස්ථාවේදී යුද්ධ හමුදා තුර්යවාදක සන්දර්ශන, ශාරීරික අභ්‍යාස සංදර්ශන, ආචාර පෙළපාලි, ගිනිකෙළි සංදර්ශන සහ තවත් විනෝදාංග රැසක් මඟින් විවිධ විනෝදාශ්වාදයන් ලබාදුන් අතර, භඨ පිරිස් සහ රසිකයින් විශාල පිරිසකගෙන් ක්‍රීඩාංගනය පිරී ඉතිරී ගියහ. පිරිමි අංශයේ සමස්ථ ශුරතාවය ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායට හිමිවූ අතර එහි අනුශුරතාවය ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවට හිමිවිය. කාන්තා අංශයේ සමස්ථ ශුරතාවය හය වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායට හිමුවූ අතර එහි අනුශුරතාවය දෙවන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායට හිමිවිය. උත්සවය අවසානයේ දී ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් ජයග්‍රාහකයින් හට කුසලාන සහ පදක්කම් පිලිගැන්වීය. ත්‍යාග ප්‍රදානෝත්සවය අවසානයේ දී යුද්ධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් රැස්ව සිටි පිරිස ඇමතීය. ශ්‍රී ලංකා යුද්ධ හමුදා මළල ක්‍රීඩා කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මෙම අවස්ථාවට පැමිණි ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා පිළිගන්නා ලදි.