කොළඹ ආරක්ෂක සමුළුව -2016 උත්සවාකාරයෙන් ආරම්භ වේ
3rd September 2016
ශ්‍රී ලංකා යුද හමුදාව විසින් වාර්ෂිකව හය වන වරටත් සංවිධානය කරනු ලැබූ කොළඹ ආරක්ෂක සමුළුව - 2016 දේශීය හා විදේශිය යුද හමුදා විද්වතුන් අටසියයක් පමණ වූ පිරිසකගේ සහභාගීත්වයෙන් අද (1) උදෑසන කොළඹ බණ්ඩාරණායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාළාවේ දී උත්සවාකාරයෙන් ආරම්භ විය. මූලික ආරම්භක දේශණයේ සමාරම්භක සැසිවාරයට පෙර ඉතා අලංකාර වූ විවිධ ජන වර්ගයන්ට අයත් සංස්කෘතික සංදර්ශණයකින් ප්‍රධාන ආරාධිත අමුත්තා වන ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා සහ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ඇතුළු අනෙකුත් සම්භාවනීය අමුත්තන් පිළිගනු ලැබීය. අනතුරුව සම්ප්‍රදායානුකූලව පොල් තෙල් පහන දැල්වීම සඳහා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ගරු ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන මැතිතුමා, ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඇසල වීරකෝන් මහතා, ඉන්දියාවේ නියෝජ්‍ය ජාතික ආරක්ෂක උපදේශක, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක, යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න සහ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල ඇතුළු පිරිස එක් වූ අතර, පිළිගැනීමේ තකාව සහ සමුළුවේ ප්‍රධාන දේශනය ඉන් අනතුරුව පවත්වනු ලැබීය. මෙම ආරක්ෂක සමුළුවේ පිළිගැනීමේ කතාව සිදු කළ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සියලු සම්භාවනීය අමුත්තන් ඉතා උණුසුම් අයුරින් පිළිගනිමින් මෙවැනි සමුළු මගින් සන්නද්ධ සේනාවන්හි සේවය කරනු ලබන සාමාජිකයින් ගේ දැනුම වර්ධනය කිරීමේ වැදගත්කම පැහැදිලි කරනු ලැබීය. එම අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා වන ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ජන වර්ග අතර අන්‍යෝන්‍ය අවබෝධය වර්ධනය කරමින් සහජීනවනයෙන් යුක්තව මෘදු බලය රටෙහි ආරක්ෂාවට යෙදවිය යුතු ආකාරය පිළිබඳව පැහැදිලි කරමින් සමුළුවේ ප්‍රධාන දේශණය සිදු කරනු ලැබීය.