යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මූලස්ථානයට නව ගොඩනැගිලි සංකීර්ණයක්
30th August 2016
යාන්ත්‍රික පාබල රෙජිමේන්තු කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් කමල් ගුණරත්නගේ ආරාධනයකට අනුව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සිකුරාදා (26) දින දඹුල්ල පිහිටි යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මූලස්ථානයෙහි නවතමයෙන් ඉදි කරනු ලැබු ගොඩනැගිලි සංකීර්ණය විවෘත කරන ලදි. එහිදී මේජර් ජෙනරාල් කමල් ගුණරත්න විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා පිළිගැනීමෙන් අනතුරුව හමුදා සම්ප්‍රදායානුකූලව යාන්ත්‍රික පාබල රෙජිමේන්තු භට පිරිස් විසින් කදවුරු සම්මාන මුරයක් සහ ආචාර සම්මාන පෙලපාලියක් පිරිනැමිම සිදු කෙරිනි. එහිදී ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ යුද හමුදාපතිතුමා විසින් යාන්ත්‍රික පාබල රෙජිමේන්තු පරිශ්‍රයේ නවතමයෙන් ඉදි කරනු ලැබූ කොමිෂන් නොලත් නිලධාරී සමාජ ශාළාව, නිලධාරීන් සහ සෙසු නිලයින් සඳහා දෙමහල් ගොඩනැගිලි, ඉඩ පහසුකම් සහිත පුස්තකාල ගොඩනැගිල්ල සහ පාබල රථ වාහන, සන්නාහ සන්නද්ධ රථ නැවැත්වීමේ ස්ථානයන් උත්සවාකාරයෙන් විවෘත කිරීම සිදු කරන ලදී. අනතුරුව, යුද හමුදාපති විසින් කාර්යාල සංකිර්ණයේ දී යාන්ත්‍රික පාබල රෙජිමේන්තු නිලධාරීන් ඇමතීම ද සිදු කෙරිනි. තවද ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් එහි රැස්ව සිටි පාබල රෙජිමේන්තු භට පිරිස් ඇමතීම සිදු කළ අතර, එහිදී ඔවුන්ගේ කාර්ය භාරය විනය සහ සේවයට ඇති කැපවීම ඉතා උසස් මට්ටමින් පවත්වා ගැනීම සම්බන්ධව වැඩිදුරටත් අදහස් දක්වනු ලැබීය. යුද හමුදාපතිතුමාගේ එම සංචාරය සිහිගන්වමින් එම මූලස්ථාන පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කල අතර, විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙහි අත්සන් තැබීමට ද අමතක කොළහ. ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා යාන්ත්‍රිත පාබල රෙජිමේන්තුවේ පිහිටි මුළුතැන්ගෙය සංකීර්ණයේ සේවයේ නියුතු භට පිරිස් සමඟ කෙටි පිළිසඳරක ද නිරත විය. එම සංචාරය සිහිගන්වමින් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න විසින් සියලුම රෙජිමේන්තු නිලයින් නියෝජනය කරමින් යුද හමුදාපතිතුමා වෙත සමරු තිළණයක් ද ප්‍රදානය කරනු ලැබීය.