යුද හමුදාපතිතුමාගේ ආශිර්වාදයෙන් සිසුන්ගේ පානීය ජලය අවශ්‍යතාවය මල්ඵල ගැන්වේ
8th August 2016
මඩකලපුව ප්‍රදේශයේ පාසල් සිසුන්ගේ පානීය ජල අවශ්‍යතාවයක් පිළිබඳව මෑතක දී මාධ්‍ය මඟින් වාර්තා කර තිබු පුවතක් සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සිය පුද්ගලික සංකල්පයක් මත වැලිකන්ද සීමාවේ මඩකලපුව උත්තුචෙනායි දමිළ මිශ්‍ර විද්‍යාලයේ සිය ගණනක් වූ පාසල් සිසුන්ගේ එම දිර්ඝ කාලීන අවශ්‍යතාවය පසුගිය සිකුරාදා (05) දින ඉටු කරන ලදි. ‘සිරස ගම්මැද්ද’ වැඩසටහන මඟින් ග්‍රාමිය ප්‍රදේශවල මානුෂිය අවශ්‍යතා පිළිබඳව මෑත කාලීනව ප්‍රචාරය වූ මඩකලපුව උත්තුචෙනායි දමිළ මිශ්‍ර විද්‍යාලයේ සිසුන්ගේ පානීය ජල අවශ්‍යතාවය පිළිබඳව කඩිනමින් අවධානය යොමු කළ යුද හමුදාපතිතුමා ඒ සම්බන්ධයෙන් නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කේ.එම්.යූ. විජේරත්න වෙත දැනුම් දී ආදාළ පාසල් ළමුන් සඳහා යුද හමුදා වියදමින් එම ජල අවශ්‍යතාවය සපුරාදෙන ලෙස උපදෙස් ලබාදෙන ලදි. ඒ අනුව යුද හමුදාපතිගේ උපදෙස් මත මේජර් ජෙනරාල් විජේරත්න විසින් අදාළ පාසල් සිසුන් ජලය සපයාගන්නා ආකාරය සොයා බැලූ අතර, එහිදි ඔවුන් හට ලබා දී තිබූ නළ ලිඳ මේ වන විට අක්‍රිය වී ඇති බැවින් පිටත ස්ථානයකින් ජලය ලබාගෙන පාසල වෙත රැගෙන එන බව අනාවරනය කරගනු ලැබිය. පාසල් පරිශ්‍රය තුල උස් ජල ටැංකියක් ඉදිකර නළ ළිඳ මගින් ලබා ගන්නා ජලය ජල පොම්පයක් මගින් එම ටැංකියට පුරවා පාසල් ළමුන් හට ජලය ලබාදීමට කටයුතු කරන ලෙස ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය වෙත උපදෙස් ලබාදෙන ලදි. ඒ අනුව සිකුරාදා (05) උදෑසන නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපතිතුමා විසින් එම පාසල් පරිශ්‍රයේ පැවති චාම් උත්සවයක දී හින්දු, බෞද්ධ සහ ඉස්ලාම් ආගමික වතාවත් මධ්‍යයේ ඒ සඳහා මුල්ගල තැබීම සිදු කෙරිනි. තවද, එහිදි මේජර් ජෙනරාල් විජේරත්න විසින් එම පාසලේ ප්‍රධාන ගොඩනැගිල්ල නිරික්ෂණය කිරීමේ දී තිබූ අඩුපාඩුකම් දැක, යුද හමුදාපති වෙත දැනුම්දීමෙන් අනතුරුව යුද හමුදා වියදමින් සැප්තැම්බර් මස මුල වන විට එම ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමට ද පොරොන්දු විය. මුල්ගල තැබිමේ මෙම උත්සව අවස්ථාව සඳහා 23 වන සේනාංකයේ මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි, 232 බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අතුල මාරසිංහ, සිරස ටිවී නාලිකා ප්‍රධානි චන්දන සූරියබණ්ඩාර මහතා, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ, එම පාසලේ විදුහල්පති, ගුරුවරුන් මෙන්ම එම නාලිකාවේ තවත් නිලධාරීන් ද එක්ව සිටියහ.