සවිමත් යුගයක් අරඹමින් නව පොලිස්පති යුද හමුදා මූලස්ථානයෙහි සංචාරයක

21st July 2016

පසුගියදා නව පොලිස්පති ලෙස පත් වූ පූජිත ජයසූන්දර මහතා යුද හමුදාව සමග නොමද සහයෝගයෙන් යුතුව කටයුතු කිරීමේ අදිටනින් අද (20) උදෑසන යුද හමුදා මුලස්ථානයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමුවිය. එහිදී යුද හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් නන්දන උඩවත්ත විසින් පොලිස්පතිතුමන් පිළිගෙන පිඨිකාව වෙත කැඳවාගෙන ගිය අතර, අනතුරුව එතුමා වෙත සම්මාන පෙළපාලියක් ද පිරිනමන ලදි. මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විශාල පිරිසක් එක්ව සිටියහ. ඉන් අනතුරුව හමුදා ලේකම් කාර්යාලයේ දී යුද හමුදාපති විසින් නව පොලිස්පති ලෙස පත් වූ පූජිත ජයසූන්දර මහතා වෙත සිය සුභ පැතුම් එක්කළ අතර, තම ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන් ද නව පොලිස්පත්තුමා වෙත හඳුන්වා දී යුද හමුදාපති කාර්යාලය වෙත කැඳවාගෙන යන ලදි. එහිදී ලුතිතන් ජෙනරාල් ක්‍රීෂාන්ත ද සිල්වා සහ පොලිස්පතිතුමා අතර පැවති හමුදවේදී යුද හමුදාව සහ පොලිසිය විසින් මව්බිමේ ආරක්ෂාව සබැදිව මෙන්ම අනෙකුත් විවිධ රාජකාරීන් ඉටුකල ආකාරය සිහිපත් කරමින් හා වඩා සහයෝගීත්වයෙන් මෙන්ම මනා සම්බන්ධීකරණයකින් යුතුව ඉදිරියේදීත් කටයුතු කළයුතු ආකාරය මෙහිදී සාකච්ඡා කරන ලදී. එමෙන්ම යුද හමුදාව සහ පොලිසියෙහි රාජකාරීන් කිසිදු බාධාවකින් තොරව ඉතා උසස් අයුරින් ඉදිරියට සිදුකරගෙන යා හැකි තත්වයක් පවතින බව මෙහිදී ජයසුන්දර මහතා වැඩිදුරටත් සදහන් කරන ලදී. ‍හොද හිත සහ සහජීවනය තව තවත් වර්ධනය කරමින් පැවති හමුව සිහිගන්විමින් දෙපිරිස අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය. මෙම අවස්ථාව සඳහා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් මිලින්ද පීරිස්, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා සමගින් ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන් රැසක් සහභාගි වූහ. |