පිපිරිමෙන් විපතට පත්වූවන් වෙත තරුණ ව්‍යවසායකයින්ගේ සහාය
28th June 2016
රටෙහි නවතමයෙන් බිහි වූ සංවිධානයක් වන තරුණ ලාංකික ව්‍යවසායකයින්ගේ මණ්ඩලය (COYLE) විසින් කොස්ගම, සාලාව පතරොම් ගබඩාව පිපිරිමෙන් ඇති වූ බලපෑම පිළිබඳ අවධානය යොමු කරමින් එම ප්‍රදේශයේ විපතට පත් ජනතාව වෙනුවෙන් මෙට්ට, මඳුරු දැල්, කොට්ට, ඇඳ ඇතිරිලි සහ කොට්ට උර විශාල ප්‍රමාණයක් 24 දින උදෑසන ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රය තුල පැවති හමුවේ දී ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා වෙත පරිත්‍යාග කරන ලදි. මෙම අවස්ථාවට තරුණ ලාංකික ව්‍යවසායකයින්ගේ මණ්ඩලයේ සභාපති කසුන් රාජපක්ෂ මහතා ඇතුලු එහි සාමාජිකයින් පිරිසක් සහභාගි වූ අතර, ඔවුන් විසින් සංකේතාත්මකව එම පරිත්‍යාගයන් කිහිපයක් මෙහිදි පිරිනමනු ලැබීය. අනතුරුව ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා විසින් එම පරිත්‍යාගයන් අදාල ප්‍රදේශවල පිඩාවට පත් ජනතාව වෙත සුරක්ෂිතව ලබාදීම වස් යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවින්ද්‍රවිජේගුණරත්ත වෙත ලබාදීම ද මෙහිදි සිදුකෙරිනි. මෙට්ට 350 ක්, මඳුරු දැල් 350 ක්, කොට්ට 700 ක්, ඇඳ ඇතිරිලි 350ක් සහ කොට්ට උර 700 ක් මෙම පරිත්‍යාගයන් අතර විය. අනතුරුව, ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා විසින් මෙම පරිත්‍යාගශිලීන් අමතා වැඩිදුරටත් කියා සිටියේ තරුණ ව්‍යවසායකයින් ලෙස මෙවන් විපතට පත් ජනතාව වෙනුවෙන් අවධානය යොමු කිරීම සම්බන්ධයෙන් සිය ස්තුතිය පුද කරන බවය. ආරක්ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධීකරණ නිලධාරි මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.