නිදන්ගත වකුගඩු රෝග වැළැක්වීමේ ජලපිරිපහදු යන්ත්‍ර තුනක් වන්නි ප්‍රදේශයේ ස්ථාපනය කරයි
17th June 2016
නිදන්ගත වකුගඩු රෝග වැළැක්වීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ මහපෙන්වීම යටතේ වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ඊඒපී මාධ්‍ය ජාලයේ අනුග්‍රහය ඇතිව ගොඩනගන ලද පානීය ජලය සඳහා ආසනික් මිශ්‍ර වීමෙන් ඇතිවන බලපෑම මැඩපැවැත්වීම සඳහා වන ජල පිරිපහදු කිරීමේ යන්ත්‍ර තුනක් වව්නියාව ප්‍රදේශයේ පිහිටි ඇතාවැටුණුවැව, වෙහෙරතැන්න, බෝගස්වැව යන ප්‍රදේශවලදී ඉරිදා (12) දින විවෘත කරන ලදි. බෝගස්වැව නැවත පදිංචි කරනු ලැබූ ගම්මානයේ පැවති එම වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරමින් පළමු ජල පිරිපහදු කිරීමේ යන්ත්‍රය විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම වැඩසටහනේ නිර්මාතෘ වන අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහභාගි විය. මෙම ජල පිරිපහදු කිරීමේ යන්ත්‍රය මගින් නිදන්ගත වකුගඩු රෝගය වේගයෙන් පැතිරීම වැළැක්වීයහැකි බව නිගමනය කර ඇති බවත් එමගින් පානීය ජලයේ ඇති විෂ ද්‍රව්‍ය මර්ධනය වන බවත් තහවුරු වී ඇත. ඇතාවැටුණුවැව හා වෙහෙරතැන්න ප්‍රදේශවල ගම්වාසීන්ගේ ද සහය ඇතිව ගොඩනගන ලද තවත් එවැනිම ජල පිරිපහදු කිරීමේ යන්ත්‍ර දෙකක සමරු ඵලක ඊ.ඒ.පී. මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ආරාධනයෙන් යුතුව ජනමාධ්‍ය අමාත්‍ය ගරු ගයන්ත කරුණාතිලක මහතා විසින් නිරාවරනය කරන ලදි. එක් ජල පිරිපහදු කිරීමේ යන්ත්‍රයක් සඳහා රුපියල් මිලියන 25ක් වැය වන අතර, එම ජල පිරිපහදු කිරීමේ යන්ත්‍ර තුනම වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ සහ ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස් විසින් ගොඩනංවන ලදි. ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා, යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා , වන්නි ආරක්ෂක සේනා අාඥාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා, ජනාධිපති කාර්ය සාධක බලකායේ නිලධාරීන්, ඊ.ඒ.පී මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂවරුන් සහ කාර්ය මණ්ඩලය, වව්නියාව දිස්ත්‍රික් ලේකම් සහ ප්‍රාදේශිය දේශපාලඥයින් මෙම ආරම්භක අවස්ථාව සඳහා සහභාගි විය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙම විවෘත කිරීමෙන් පසු බෝගස්වැව ප්‍රතිලාභීන් අමතමින් කියා සිටියේ ජනාධිපති කාර්ය සාධන බලකායේ සහය ඇතිව උතුරු සහ උතුරුමැද පළාත්වලින් නිදන්ගත වකුගඩු රෝගය සහමුලින්ම තුරන්කිරීමට පියවර ගන්නා බවයි. මීට අමතරව එතුමා විසින් වැඩිදුරටත් කියා සිටියේ පසුගිය ආණ්ඩුව පැවති සමයේ සෞඛ්‍ය ඇමති ධුරය දරණ කාලයේ දී මේ වෙනුවෙන් නොයෙකුත් පියවරයන් ගත්බවයි. අවසාන වශයෙන් මෙම ව්‍යාපෘතිය සඳහා දායකත්වය ලබාදුන් අයවලුන් හට හෘදයාංගම ස්තුතිය ද මෙහිදි පුද කර සිටියහ. මෙම චාම් උත්සවය විශේෂ ස්තුති කථාවෙන් අනතුරුව අවසන් විය. |