ආරක්ෂක ලේකම් සහ ත්‍රිවිධ හමුදා ප්‍රධානින් කොස්ගම විපතට පත් වූවන්ගේ තොරතුරු සොයා බලයි
13th June 2016
ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ප්‍රමුඛ ත්‍රිවිධ හමුදා ප්‍රධානින් සාලාව කොස්ගම ප්‍රදේශයේ පිහිටා ඇති රණවිරුගමෙහි වත්මන් තත්වය නිරීක්ෂණ කිරීම සඳහා ඉරිදා (12) දින සංචාරයක නිරත විය. සිදුවීමට අදාල දත්ත සෙවිමේ මෙම කණ්ඩායම් ප්‍රථමයෙන් රණවිරු ගමෙහි විපතට පත්වූවන් සමඟ ද පසුව කොස්ගම සාලාව ප්‍රදේශයේ විපතට පත්වූවන් සමඟ සාකච්ජා කළ අතර, එම ස්ථානයේ රාජකාරියේ නියුතු ත්‍රිවිධ හමුදා භට පිරිස්හි අණදෙන්නන් සමඟ ද සාකච්ජා කරන ලදි. ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් රණවිරු ගමෙහි පදිංචි රණක්ෂිතයට පත් වූ බොහෝමයක් වූ රණවිරුවන් සමඟ අදහස් විමසීමේ දී ඔවුන්ගේ හදිසි මූලික අවශ්‍යතාවන් පිලිබඳව අවධානය යොමු කරනු ලැබීය.එමෙන්ම ආරක්ෂක ලේකම්,නාවික හා ගුවන් හමුදාපතිවරු සියගණනක් වූ ඔවුන්ගේ භට පිරිස් සියලුම රාජ්‍ය ආයතන සමග අත්වැල් බැදගනිමින් ප්‍රදේශයේ විපතට පත් ජනතාව සහ ප්‍රදේශය යථාතත්වයට පත් කිරීම සඳහා දැඩි ලෙස කැප වී ක්‍රියාකරන ආකාරය සම්බනධයෙන් සොයා බැලීය. එම පිරිස අර්ධ වශයෙන් විනාශයට පත් වූ කොස්ගම රෝහලෙහි ද සංචාරයක නිරත වූ අතර, එම අවස්ථාවේ රාජකාරී නියුතු බලධාරීන් සමග රෝහලෙහි ක්‍රියාත්මක ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබදව තොරතුරු විමසනු ලැබීය. එමෙන්ම ඔවුන් විසින් සහන කණ්ඩායම්වල මූළික අවශ්‍යතාවයන් ගැන ද එම අවස්ථාවේදී කරුණු විමසා සිටින ලදී. මෙම සංචාරය සඳහා බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ, ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරාල් එච්.සී.පී ගුණතිලක සහ ශ්‍රී ලංකා යුද හමුදා සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් කේ.ඩබ් එඩීමා සහභාගි වූහ.