පකිස්තාන යුද්ධ හමුදා වොලිබෝල් කණ්ඩායම ශ්‍රී ලංකා යුද්ධ හමුදා වොලිබෝල් කණ්ඩායම් හා තරඟවැදීමට දිවයිනට පැමිණෙති

31st May 2016

යුද්ධ හමුදාපතිගේ උපදෙස් මත ක්‍රියාත්මක වන වැඩසටහන් යටතේ පකිස්තාන යුද්ධ හමුදා වොලිබෝල් කණ්ඩායම ශ්‍රී ලංකා යුද්ධ හමුදා වොලිබෝල් කණ්ඩායමත් සමඟ සුහද තරඟ මාලාවක් සඳහා පසුගිය සිකුරාදා (27) රාත්‍රියේ දිවයිනට ළඟාවිය. ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු අඹේපුස්ස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පකිස්තානු යුද්ධ හමුදා වොලිබෝල් කණ්ඩායම සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා වොලිබෝල් කණ්ඩායම එළැඹෙන ඉරිදා (29) තරඟ වදිනු ඇත. 15 දෙනෙකුගෙනු යුත් සංචාරක පකිස්තාන කණ්ඩායම එළැඹෙන 30 වන සඳුදා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බළසේනාව සමඟ පනාගොඩ දී තරඟවැදීමෙන් පසු මැයි 31 සිට ජූනි 03 දක්වා මහරගම දී අර්ධ අවසන් සහ අවසන් පූර්ව තරඟ සඳහා තරඟවදිනු ඇත. ශ්‍රී ලංකා යුද්ධ හමුදා වොලිබෝල් කමිටුවේ උප සභාපති බ්‍රිගේඩියර් දේවින්ද්‍ර පෙරේරා ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ නිළධාරින් දෙදෙනෙක් පසුගිය සිකුරාදා (27) ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා සපැමිණි 15 දෙනෙකුගෙනු යුත් කණ්ඩායම කොළඹ බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී පිළිගනු ලැබීය. ශ්‍රී ලංකා යුද්ධ හමුදා වොලිබෝල් කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා ශ්‍රී ලංකා හා පකිස්තාන වොලිබෝල් කණ්ඩායම් අතර සිංහ රෙජිමේන්තුවේ දී ඉරිදා (29) පැවැත්වෙන පළමු තරඟයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වීමට නියමිතයි. මෙරට බලා පැමිණි පකිස්තානු කණ්ඩායම ලබන ජූනි 4 වෙනිදා පකිස්තානය බලා පිටත්ව යයි.