නියඳගල ආරණ්‍ය සේනාසනයේ හිමියන් සොයා යුද්ධ හමුදා භඨ පිරිස් නායගිය ප්‍රදේශයේ අඛණ්ඩ මෙහෙයුමක
7th May 2016
බලංගොඩ පුවක්ගහවෙල ප්‍රදේශයට ඊයේ (03) පස්වරුවේ ඇදහැලුනු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් නියඳගල කන්ද ආරණ්‍ය සේනාසනය පිහිටි භූමිය නායයෑමකට ලක්ව එම ස්ථානය මුලුමනින්ම පස්වලින් වැසිගොස් ඇත. ඒ මොහෙතේ හිමිනම විහාරස්ථානයේ වැඩසිටියාද? නැද්ද? යන්න පිළිබඳ සැකයක් පවතින බැවින් මෙම සිදුවීම සැල වූ සැනින් යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ උපදෙස් පරිදි බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ අධික්ෂණය යටතේ 30 දෙනෙකුගෙන් සමන්විත භට පිරිසක් මේ වන විට නියඳගල ආරණ්‍ය සේනාසන භූමයේ හිමිනම සොයා මුදවාගැනීම් කටයුතු ආරම්භ කර ඇත. මෙම කාර්යය 583 බලසේනාධිපතිගේ සෘජු මෙහෙයවීම මත එම ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණික තත්වය හා ඇතිවන ජීවිත තර්ජන ද නොතකා යුද්ධ හමුදා භට පිරිස් හිමිනම සෙවීමේ කාර්යයට උර දී සිටියි.