ශ්‍රී ලංකාවට පැමිණි තායි ආරක්ෂක හමුදා ප්‍ර‍ධානී ජය ශ්‍රී මහා බෝධිය වැඳ පුදා ගනි

30th April 2016

ශ්‍රී ලංකා ආරක්ෂක මාණ්ඩලික ප්‍ර‍ධානීගේ ආරාධනයකට අනූව දිවයිනට පැමිණි තායි රාජකීය හමුදාවේ ආරක්ෂක හමුදා ප්‍ර‍ධානී ජෙනරාල් සොම්මායි කඕටිරා සහ එම මැතිණිය ඇතුලු සාමාජිකයින් හත්දෙනෙක් ශ්‍රී ලංකාවේ සංචාරය අතරතුර පසුගිය අඟහරුවාදා (26) දින අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගන්නා ලදි. අනුරාධපුරය වෙත පැමිණි එම පිරිස යුද හමුදාපතිතුමා වෙනුවෙන් වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා සහ රේණුකා පෙරේරා මහත්මිය විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදි. ජෙනරාල් සොම්මායි කඕටිරා මෙම සංචාරයේ දී අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ මැතිතුමා, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා සහ ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ද හමුවීමට නියමිතය.