නව අවුරුදු උදාව සංකේතවත් කරන සම්ප්‍රදායික තේ පැන් සංග්‍රහය සහ යුද හමුදාපතිතුමාගේ රෝහල් සංචාරය
19th April 2016
සිංහල සහ හින්දු අලුත් අවුරුදු උදාවෙන් පසු යුද හමුදා මූලස්ථානය නව අවුරුදු උදාව සංකේතවත් කරමින් සියලු නිළයින් සඳහා තේපැන් සංග්‍රහයක් අඟහරුවාදා (19) දින පැවැත් වූ අතර, එම අවස්ථාවෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සහභාගි විය. නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, විධායක ජෙනරාල් ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් මෙහි පැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා පිළිගැනීමෙන් අනතුරුව අලුත් අවුරුදු උදාව සංකේතවත් කරන විවිධ රසකැවිලිවලින් සමන්විත සම්ප්‍රදායික තේ පැන් මේසය විවෘත කරන ලදි. ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා තේ පැන් සංග්‍රහය අතරතුර මෙම අවස්ථාවට එක්ව සිටි සියලු නිලයින් සමඟ සුහද කතාබහක ද නිරත වූයේ ඔවුන්ගේ අදහස් ද විමසමිනි. එමෙන්ම, ඉන් අනතුරුව යුද හමුදාපතිතුමා නාරාහේන්පිට යුද හමුදා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන භට පිරිස්හි සුවදුක් සොයා බැලීමට රෝහල් සංචාරයක ද නිරත වූවේය. යුද හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ හමුදා රෝහල වෙත පැමිණි යුද හමුදාපතිතුමා පිළිගෙන ප්‍රතිකාර ලබන යුද හමුදා සාමාජිකයින් බැලීමට කැඳවා ගෙන යනු ලැබිය. වාට්ටු නිරීක්ෂණ චාරිකාවේ යෙදුනු යුද හමුදාපති ගිලන් ඇඳන් වෙත ගොස් එහි ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සුවදුක් විමසා ඔවුන් වෙත ත්‍යාග ද ප්‍රදානය කරනු ලැබීය. මෙම සංචාරයේ දී යුද හමුදා රෝහලේ කළමණාකාරීත්වයට අදාල කටයුතු පිළිබඳ රෝහල් කාර්ය මණ්ඩලයේ නිලධාරින් සහ සාමාජිකයින් සමඟ කතාබහ කළ අතර, යුද හමුදා සාමාජිකයින්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට ඉදිරි වසර තුල වඩා ඵලදායි සහ කාර්යක්ෂම සේවාවක් සැපයීමට අවැසි උපදෙස් ද යුද හමුදාපතිතුමා විසින් මෙහිදි ලබා දෙන ලදී.