සියලු නිලයින්ගේ සහභාගීත්වයෙන් යුද හමුදා මූලස්ථාන ‘සූර්ය මංගල්‍යය 2016’ උත්කර්ෂවත් අයුරින් පැවැත්විය
12th April 2016
එළඹෙන සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් යුද්ධ හමුදා මුලස්ථානයේ නිලධාරින් සහ සෙබලුන්ගේ සහභාගීත්වයෙන් කොළඹ මැලේ ක්‍රිකට් ක්‍රිඩාංණයේදී අඟහරුවාදා (12) දින බක්මහ උළෙලක් සංවිධානය කරනු ලැබීය. සම්ප්‍රදායික විශේෂාංග සහ විනෝදාත්මක අංගයන් රැසකින් මෙම බක්මහ උළෙල සැලසුම් කොට තිබිණි. යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ‘බක්මහ උළෙල ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර, යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි නයනා ද සිල්වා මහත්මිය සමගින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද ඊට එක්වූ අතර, යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක සහ ආරක්ෂක සේනා ආඥාපතිවරුන් ද සූර්ය මංගල්‍යය 2016 සමග එක් විය. මෙම අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා මගුල් බෙර හා ජය සක් හඩ මධ්‍යයේ සාම්ප්‍රදායික නර්ථන කණ්ඩායම් විසින් පිළිගනු ලැබූ අතර, යුද හමුදාපතිතුමා සහ යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී විසින් ජාතික ධජය හා යුද හමුදා ධජය ඔසවනු ලැබීය. බක්මහ උළෙලේ ආරම්භය සනිටුහන් කරමින් යුද හමුදාපති හා අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් එක්ව සම්ප්‍රදායිකව පොල්තෙල් පහන දල්වා, දේශය වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සිහිකිරීම සඳහා විනාඩි දෙකක් නිශ්ශබ්දව සිට, සැවෝම එක්වී යුද හමුදා තුර්යවාදක ඛණ්ඩයේ සංගීතයට ජාතික ගීය සහ යුද හමුදා ගීය ගායනා කර සාම්ප්‍රදායික ජන ක්‍රීඩා ආරම්භ කරන ලදි. රබන් ගැසීම, පොල්අතු විවීම, කඹ ඇඳීම, ග්‍රීස් ගසේ නැගීම, අවුරුදු කුමරිය තේරීම, අලියාට ඇස තැබීම, බනිස් කෑම, සෙමින් බයිසිකල් පැදීම, මැරතන් ධාවන තරඟය, කණා මුට්ටිය බිඳීම, කොට්ටා පොර, බාධක දිවීම, හැන්ද මත දෙහි ගෙඩිය රැගෙන යාම, සැගවුණු අමුත්තා සෙවීම, සංගීත පුටු තරඟය, විකට ඇදුම් තරඟය, පොල් අතු විවීම ආදි නොයෙක් සම්ප්‍රදායික සහ විනෝදාත්මක තරඟ රාශියකින් මෙවර සූර්ය මංගල්‍යය 2016 වර්ණවත් විය. මෙවර අවුරුදු උත්සවයෙහි ඉතා අලංකාරවත් ලෙස නිර්මාණය කර තිබූ ගැමි ගෙදර තුළ සම්ප්‍රදායික කැවිලි වර්ග රැගත් අවුරුදු කෑම මේසයක් ද පිළියෙල කර තබුණි. ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා, නයනා ද සිල්වා මහත්මිය සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් එම ගැමි ගෙදර විනාඩි කිහිපයක් පමණ රැදී සිට තේ පැන් සංග්‍රයද භුක්ති විදිනු ලැබීය. යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් මිලින්ද පීරිස්, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා, ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරාල් චන්න ගුණතිලක, යුද හමුදා මූලස්ථාන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, යුද හමුදා සේවා වනිතා ඒකකයේ ක්‍රියාකාරී සාමාජිකාවන්, සෙසු නිලයින්, ආරාධිතයින් සහ සිවිල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් ද නව අවුරුදු උළෙල සඳහා සහභාගී වී විනෝද වුහ. මෙම අවස්ථාව රණවිරු රියල් ස්ටාර් ජනප්‍රිය ගි තරු විසින් තව තවත් වර්ණවත් කරනු ලැබීය. උත්සවය අවසානයේ යුද හමුදාපතිතුමා විසින් තරඟවලින් ජයගත් ජයග්‍රාහකයන් සඳහා ත්‍යාග ප්‍රධානය කරනු ලැබීය.