නික්ම යෑමට නියමිත පොලිස්පති යුද හමුදා මුලස්ථානයේ සංචාරයක

10th April 2016

පොලිස්පති ධූරයෙන් විශ්‍රාම යෑමට නියමිත පොලිස්පති එන්.කේ.ඉලංගකොන් මහතා සිකුරාදා (08) දින පෙරවරුවේ යුද හමුදා මූලස්ථානයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමුවිය. මෙසේ පැමිණි පොලිස්පතිතුමා වෙත හමුදා සම්ප්‍ර‍දායානුකූලව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා සෙබලුන් විසින් සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරිනමා පිළිගත්හ. අනතුරුව හමුදාපති ලේකම් කාර්යාලය අසල දී හෙතෙම ඉතා උණුසුම් අයුරින් පිළිගත් අතර, යුද හමුදා මූලස්ථානයේ ප්‍ර‍ධාන මාණ්ඩලික නිලධාරීන් හඳුන්වාදීමෙන් අනතුරුව යුද හමුදාපති කාර්යාලය වෙත කැඳවා ගෙන යනු ලැබීය. එහි දි යුද හමුදාපතිතුමා සහ පොලිස්පතිතුමා අතර යුද හමුදාව සහ පොලිසිය විසින් රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් එක්ව සිදු කරනු ලැබූ කටයුතු පිළිබඳ සිහිපත් කරමින් සුහද කතා බහක නිරත විය. මෙම සාකච්ඡාවෙන් අනතුරුව එය සිහිගන්වනු වස් යුද හමුදාපතිතුමා විසින් සිය ධුරයෙන් විශ්‍රාම යන පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතා වෙත සමරු තිළිණයක් ප්‍ර‍දානය කළ අතර, එතුමා විසින් ද යුද හමුදාපතිතුමා වෙත සමරු තිළිණයක් පිරිනැමීය. පොලිස්පතිතුමා විසින් විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙහි අත්සන් තැබීමට ද අමතක නොකලහ.