කොක්එළිය ‘සන්හිඳියාවේ ගම්මානය’ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් වෙත
7th April 2016
ආරක්ෂක අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලැබූ ‘අපි වෙනුවෙන් අපි’ නිවාස ව්‍යාපෘතියෙහි අරමුදල් හරහා දමිළ කාන්තා සෙබලියන් සහ යුද හමුදා සාමාජිකයින් සමඟ විවහා වී ඇති දමිළ කාන්තාවන් සඳහා වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 56 වන සේනාංකයේ සෙබලුන් සහ 4 වන ඉංජිනේරු සේවා බලකායේ සෙබලුන් විසින් වව්නියාව කොක්එළිය ප්‍රදේශයේ ඉදිකරනු ලැබූ ‘සන්හිඳියාවේ සත්විරුගම’ නිවාස ව්‍යාපෘතියෙහි නිවාස 51 ඉරිදා (3) දින නිවාසලාභීන් වෙත භාරදෙනු ලැබීය. එම නිවාස ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතාගේ ආරාධනයෙන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගරු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා සහභාගි වූ අතර, යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා, ගුවන් හමුදාපති එයාර් මාෂල් ගඟන් බුලත්සිංහල, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් චන්ද්‍රරත්න පල්ලෙගම මහතා, වන්නි ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා සහ ආරාධිතයින් රැසක් සහභාගි වූහ. යුද හමුදා සෙබලුන්ගේ ශ්‍රම දායකත්වයෙන් ‘සන්හිදියාවේ සත්විරුගම’ එක් නිවසක් පර්චස් 40 ක භූමි ප්‍රමාණයක ඉදිකර ඇති අතර, එහි වටිනාකම රුපියල් මිලියන 2 ක් පමණ වේ. ගරු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්නවයෙන් එලඹෙන සිංහල සහ දමිළ අලුත් අවුරුද්දෙහි චාරිත්‍ර වාරිත්‍ර ඉටු කිරීම සඳහා එම නිවාස 51 හි යතුරු දමිළ කාන්තා සෙබලියන්, දමිල කාන්තාවන් සමඟ විවාහ වී ඇති සෙබලුන්ට මෙන්ම, දරුවන් හත් දෙනෙකු සිටින සෙබලෙකු වෙත සහ මාස කිහිපයකට පෙර ඝාතනයට ලක් වූ වින්ද්‍යා පාසල් ශිෂ්‍යාවගේ ළඟම ඥාතීන් වෙත ද, භාර දෙනු ලැබීය. ආරක්ෂක ලේකම් ඇතුළු අනෙකුත් සම්භාවනීය අමුත්තන් විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා පිළිගැනීමෙන් පසු ඝාතනයට ලක් වූ වින්ද්‍යා නම් පාසල් ශිෂ්‍යාවගේ ළඟම ඥාතීන් වෙත සංකේතාත්මකව නිවසෙහි යතුර භාරදීමෙන් අනතුරුව උත්සවය ආරම්භ විය. ඉන් පසුව ‘සන්හිදියාවේ සත්විරුගම’ නාම පුවරුව නිල වශයෙන් නිරාවරනය කර එම නව නිවාස සංකීර්ණය තුල ඉදි කරනු ලැබූ ළමා උද්‍යනය ද විවෘත කරනු ලැබීය. අනතුරුව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා සිංහල සෙබලෙකු සමඟ විවාහ වී සිටින දමිල කාන්තා සෙබලියක් වෙත නව නිවසෙහි යතුර භාර දෙන ලදී. ඒ අනුව තවත් නිවාස කිහිපයක් ද බෞද්ධ සහ හින්දු ආගමික චාරිත්‍ර සහ වත්පිළිවෙත් සිදුකරමින් විවෘත කරන්නට යෙදුණි. මේ සඳහා සභාගිවූ ප්‍රතිලාභීන්ට සහ නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන් වෙත සෙත් පැතීම සඳහා බහු ආගමික චාරිත්‍ර සහ වත්පිළිවෙත් සිදුකරනු ලැබීය.