සීගිරියේ ‘යොවුන් පුරය’ සමගින් යුද හමුදා කුඩා පිරික්සුම් පහන් සංදර්ශනය

4th April 2016

සීගිරියේ පැවති ‘යොවුන් පුරය’ තාරුණ්‍යයේ වැඩසටහන යුද හමුදා කුඩා පිරික්සුම් පහන් සංදර්ශනයෙහි සතුට, විනෝදය, ත්‍රාසය සමගින් තරුණ තරුණියන් 5000 කගේ සහභාගීත්වයෙන් සෙනසුරාදා (2) පස්වරුවේ නිමා විය. මේ සඳහා සහභාගි වූ සියලුම තරුණ තරුණයින් සහ ආරාධිතයින් දින 4 ක් මුළුල්ලේ එහි විනෝදය සහ අත්දැකීම් බෙදා ගනු ලැබීය. එම තරුණ කදවුරු සංවිධායකයින් යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගෙන් කළ ඉල්ලීමකට අනුව යුද හමුදා කුඩා පිරික්සුම් පහන් සංදර්ශණ කණ්ඩායම මෙම අවස්ථාව වර්ණවත් කර ඇත. එම කුඩා පිරික්සුම් පහන් සංදර්ශණයෙහි ත්‍රාසජනක ක්‍රීඩා, සුනඛ සංදර්ශන, වර්ණවත් ශාරීරික අභ්‍යාස පුහුණු සංදර්ශන සමගින් මෝටර රථ සංදර්ශන ආදිය ද සමන්විත විය. යුද හමුදා සාමාජිකයින් 1450 දෙනෙකු ඉදිරිපත් කළ කුඩා පිරික්සුම් පහන් සංදර්ශනය නැරඹීම සඳහා වාර්ථාගත තරුණ තරුණියන් සහ ආරාධිතයින් විශාල පිරිසක් සහභාගි විය. ‘යොවුන් පුරය’ තරුණ්‍යයේ වැඩසටහනෙහි සමාප්ති උලෙල සඳහා අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමගින් අමාත්‍යවරුන් රැසක් සහභාගි වී සිටියහ. මෙම උත්සවයේ ආරාධිත අමුත්තන් අතර යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ද එක් විය.