ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානවලින් ආබාධිත රණවිරුවන් වෙත උපකාර කෙරේ
2nd April 2016
ශ්‍රී ලංකාවේ ආබාධිත රණවිරුවන් වෙත උපකාර කිරීම සඳහා ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයන්හි ‘ලෝක ප්‍රජා සේවා සත්කාරක අතදීමේ ව්‍යාපෘතියේ’ සිවු දෙනෙකුගෙන් යුත් නියෝජිත පිරිසක් බ්‍රහස්පතින්දා (31) දින යුද හමුදා මූලස්ථානයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමුවුහ. පුනරුත්ථාපන අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉල්ලීමකට අනුව ආබාධිත රණවිරුවන්ගේ ප්‍රයෝජනය සඳහා කෘතිම අත් පා තොගයක් ජාත්‍යාන්තර රාජ්‍ය නොවන සංවිධානයන් විසින් පරිත්‍යාග කර ඇත. මෙම ව්‍යාපෘතියෙහි සම්බන්ධීකරණ කටයුතු මේජර් ජෙනරාල් සුසිල් චන්ද්‍රපාල (විශ්‍රාමික) සිදු කරනු ලැබීය. මෙහි දී හමුදාපති කාර්යාලය වෙත පැමිණි එම පිරිස යුද හමුදාපතිතුමා සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිළිගනු ලැබීය. එම අවස්ථාවේදී ලෝක ප්‍රජා සේවා සත්කාරක අතදීමේ ව්‍යාපෘතියේ’ කළමනාකාර ටෙරී ඩැලේ මහතා යුද හමුදාපතිතුමා සමඟ අදහස් හුවමාරු කර ගත් අතර, එහි දී එම සංවිධාන විසින් ආබාධිත රණවිරුන් හට අඛන්ඩව සහයෝගය ලබා දෙන බවට ද සහතික කළහ. මෙම අවස්ථාව සඳහා විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් නන්දන උඩවත්ත, පුනරුත්ථාපන අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් එස්.කේ තිරුනාකරිසු සහ රණ සේවා අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් වී.ඒ.පී.සී නාපාගොඩ සහභාගි වූහ. සමරු තිළිණ හුවමාරුවකින් අනතුරුව එම හමුව අවසන් විය.