යාපනයේ ඉඩම්වල නිත්‍යානුකුල අයිතිකරුවන් වෙත ඉඩම් ඔප්පු 700 ක් භාර දෙති
15th March 2016
ආරක්ෂක හේතුන් මත යුද හමුදාව විසින් ස්ථානගතව සිට මීටපෙර බෙදාදෙන ලද ඉඩම් අක්කර 701 ක නිත්‍යානුකුල අයිතිකරුවන් 700 ක් වෙත ඉඩම් ඔප්පු පිරිනැමිමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සෙනසුරාදා (12) දින යාපනය නඩේශ්වර් විද්‍යාලයේ දී පවත්වන ලදි. යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කළ මෙම උත්සවයේ දී හිමිකරුවන් වෙත කෝපායි ප්‍රදේශයේ අක්කර 490.91, තෙලිප්පලෙයි අක්කර 210.07 සහ යාපනය නඩේශ්වර් විද්‍යාලයට අක්කර 6.2 කට ද අදාල ඉඩම් ඔප්පු මෙසේ බෙදාදෙන ලදි. මීටපෙර ද කිළිනොච්චි සහ මුලතිව් දිස්ත්‍රික්කයන්හි යුද සමයේ ආරක්ෂක අවශ්‍යතාවයන් සඳහා සන්නද්ධ හමුදාවන් යටතේ පැවති තවත් ඉඩම් ලබාදීම, මුල් ඉඩම් හිමිකරුවන් වෙත නැවත ඉඩම් ලබාදීම රජයේ ප්‍රතිපත්තීන්ට අනුකූලව 2015 ඔක්තොම්බර් මස 15 වන දින කිලිනොච්චිහි වඩමාරච්චි ප්‍රදේශයේ පැවති උත්සවයක දී ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු විය. තවද, 2015 ජනවාරි මස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිය ධූරයට පත්වීමත් සමඟම තවත් ඉඩම් අක්කර 1000 ක් සිවිල් වැසියන් අතට පත් කරනු ලැබීය. නඩේශ්වර් විද්‍යාලයේ දී සෙනසුරාදා (12) දින පැවති මෙම ජාතික උත්සවය සඳහා උතුරු පළාත් ආණ්ඩුකාරවරයා, ප්‍රධාන අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, අනෙකුත් අමාත්‍යවරුන්, දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්, යුද හමුදාපතිතුමා, පොලිස්පතිතුමන්, ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපතිවරුන් සමගින් ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ ප්‍රදේශයේ සිවිල් වැසියන් බොහෝ පිරිසක් ද සහභාගි වූහ.