ආරක්ෂක සේවා විද්‍යාලීය සිසුන්ට ජනපති සුරතින් ත්‍යාග පිරිනැමේ

26th February 2016

ආරක්ෂක සේවා විද්‍යාලීය වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍ර‍ධානත්වයෙන් (26) පෙරවරුවේ කොළඹ 2 හි පිහිටි එම විද්‍යාලීය ප්‍ර‍ධාන ශ්‍ර‍වණාගාරයේ දී පවත්වනු ලැබූ අතර, ඒ සඳහා ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා, අධ්‍යාපන ඇමති, ආරක්ෂක මාණ්ඩලික ප්‍ර‍ධානී, යුද සහ ගුවන් හමුදාපති සමගින් පොලිස්පති ද එක් වූහ. මෙහි දී අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ආරක්ෂක සේවා විද්‍යාලයේ විදුහල්පතිනි ධම්මිකා ජයනෙත්ති මහත්මිය විසින් පිළිගත් අතර, ආරක්ෂක මාණ්ඩලික ප්‍ර‍ධානී, යුද සහ ගුවන් හමුදාපති විසින් ගරු ජනාධිපතිතුමා ප්‍ර‍ධාන ශ්‍ර‍වනාගාරය වෙත කැදවාගෙන යනු ලැබීය. මෙම ත්‍යාග ප්‍ර‍දානෝත්සවයේ දී 2013 සහ 2014 වර්ෂ සඳහා ජනාධිපතිතුමා අතින් සිසුන් 210 දෙනෙකු ත්‍යාග හිමි කර ගත්හ. එම අවස්ථාවේ පැවති සංස්කෘතික වැඩසටහනින් පසුව උත්සව සභාව ඇමතූ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් සෑම අවස්ථාවකදීම ආරක්ෂක විද්‍යාලීය සිසුන්ගේ හැකියාවන් නංවාලීම සඳහා සහයෝගය ලබා දෙන බව පැවසීය.