2024-02-06 19:42:54
මූලික පැරෂුට් පාඨමාලාව - MNDF 04 සාර්ථකව හදාරනු ලැබූ එම පාඨමාලාවේ සිසුන් වෙත පැරෂුට් ලාංඡන පැලදවීමේ උත්සවය අඟහරුවාදා (පෙබරවාරි මස 06) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී පැවැත්විණි. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහභාගී විය.
2024-02-04 22:16:37
‘හදමු අලුත් රටක්’ යන තේමාව යටතේ 76 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ඉරිදා (04) දින උදෑසන ගාලු මුවදොර පිටියේදී අභිමානවත් අයුරින් පැවැත්විණි. එම අවස්ථාව සඳහා භික්ෂූන් වහන්සේලා ප්රමුඛ ආගමික පූජකවරුන්, ගරු අග්‍රාමාත්‍යතුමන්, රාජ්‍ය තාන්ත්‍රිකයින්, අමාත්‍යවරුන්, ආරක්ෂක හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, රාජ්‍ය හා සිවිල් සම්භාවනීය අමුත්තන් සහ තවත් ආරාධිතයින් රැසක් ද සහභාගී වූහ.
2024-01-31 20:29:32
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය යුද්ධ හමුදාවේ රථ වාහන නඩත්තු කිරීම සහ වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් කටයුතු කරනු ලබයි. යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත එම බලකාය විසින් පසුගියදා මුළුමනින්ම ප්‍රතිසංස්කරණය කරන ලද Toyota Camry රථයක් සහ Mitsubishi Lancer CS-1 මාදිලියේ මෝටර් රථ දහයක්, CS II මාදිලියේ රථ වශයෙන් ප්‍රතිසංස්කරණය කර යුද්ධ හමුදාවේ භාවිතය සඳහා එක්කරන ලදී. මෙම මෝටර් රථ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ විසින් බදාදා (ජනවාරි මස31) දින යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී පරීක්ෂා කරනු ලැබීය.
2024-01-25 07:56:25
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පැරෂුට් පැනීමේ ඉතිහාසයට නව පරිච්ඡේදයක් එක් කරමින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ කුඩාඔය පිහිටි කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේදී හමුදා පැරෂූට් භටයෙකු ලෙස තම හැකියාව ප්‍රගුණ කර 2024 ජනවාරි මස 22 දින සිය දක්ෂතා විදහා දැක්වූයේය.
2024-01-22 16:13:57
ගලේවෙල ප්‍රදේශයේ ප්‍රතිසංස්කරණය කරන ලද පොදු ක්‍රීඩාපිටිය පසුගිය ඉරිදා (ජනවාරි මස 21) දින නිල වශයෙන් විවෘත කර ජනතා අයිතියට පත්කරන ලදී. එම අවස්ථාවට වැඩබලන ආරක්ෂක අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමන්, මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමන් සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහභාගී වූහ.
2024-01-20 20:20:11
ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය විසින් පවත්වනු ලැබූ ‘ඉංජිනේරු බලකා වර්ණ ප්‍රධානෝත්සවය - 2024’, පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පසුගිය සිකුරාදා (ජනවාරි මස 19) දින පවත්වන ලද අතර, එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහභාගී විය. මෙම උත්සවය පැවැත්වීමේ මූලික අරමුණ වනුයේ ඉංජිනේරු බලකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලබා ඇති සුවිශේෂී ජයග්‍රහණ ඇගයීමට ලක් කිරීමයි.
2024-01-19 21:21:32
යුද්ධ හමුදා පුහුණුව, අධ්‍යාපනය සහ කාර්යය මණ්ඩල කටයුතු සඳහා නව පරිජේදයක් එක් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ගමන්මගෙහි සුවිශේෂී අවස්ථාවක් සනිටුහන් කරමින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ඒන්ඩීයූ ගේ උපදෙස් මත පසුගිය සිකුරාදා (ජනවාරි මස 19) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදා මූලධර්ම ප්‍රකාශන ග්රන්ථයන් එළිදැක්වීම සිදුකරනු ලැබීය. එමගින් යුද්ධ හමුදා දැනුම සියලුම හමුදා සාමාජිකයින්ට අධ්‍යනය කල හැකි පරිදි සංශෝධනය කර ඇත.
2024-01-16 19:33:23
මාතලේ ඇල්වල විද්‍යාලයේ විදුහල්පති සහ ඊ.ඩී.එස්.එන්. ගුණතුංග ගුරුතුමන් ප්රමුඛ එම විද්‍යාලීය බටහිර තූර්ය වාදක කණ්ඩායමේ මාස්ටර් එන්.එච්.පී.ඕ. බවන්ත, ප්‍රධාන ශිෂ්‍ය නායක මාස්ටර් එස්.ඩී. හේවාවිතාරණ, නියෝජ්‍ය ප්‍රධාන ශිෂ්‍ය නායක මාස්ටර් ජී.පී. විදුරංග කුමාර, ශිෂ්‍ය නායක මාස්ටර් තීක්ෂණ බණ්ඩාර ඇතුළු සිසු සිසුවියන් පිරිසක් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ...
2024-01-15 00:01:41
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ ඇතුළු සියළුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරින්, සෙසුනිලයන් සහ සිවිල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් විසින් සියලුම හින්දු බැතිමතුන්ට, ප්‍රීතිමත් තෛයිපොංගල් දිනයක් වේවායි ප්‍රාර්ථනා කරයි!
2024-01-14 11:24:59
කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාඨමාලා අංක 51 ඊ, එෆ් සහ ජී යටතේ ක්‍රියාන්විත උපායමාර්ගයන් පිළිබඳ විශිෂ්ඨ වු පුහුණුවක් හැදෑරු සුවිශේෂී වුත් හැකියාවන්ගෙන් සමන්විත වූ නිලධාරින් සහ සෙසුනිලයින්ගේ විසිරයාමේ පෙළපාලිය සෙනසුරාදා (13) දින කුඩාඔය කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසල් පරිශ්‍රයේදී පැවැත්විණි. කමාන්ඩෝ රෙජිමේන්තුවේ අධිපති...