2018-05-17 13:26:13
එල්ටිටිඊ ත්‍රස්ථවාදයට එරෙහිව සිදුකරන ලද මානුෂීය මෙහෙයුමේදි දිවිපිදු රණවිරුවන් සිහිපත් කරමින් ජාතික රණවිරු සැමරුම් දින (මැයි 19) පවත්වනු ලබන ප්‍රධාන සැමරුම් උත්සවයට සමඟාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් පවත්වනු ලබන ‘ආලෝක පුජාව’ ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ද සහයෝගීත්වය ඇතිව සෙනසුරාදා (19) දින කැලණිය රාජ මහා විහාරස්ථානයේ දී පැවැත්වීමට නියමිතය.
2018-05-15 20:17:37
සංචාරක ඉන්දිය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිෆින් රාවට් (General Bipin Rawat) අඟහරුවාදා (15) දින නුවර, බූවැලිකඩ ප්‍රදේශයේ ස්ථානගත ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංඥා බලකා පුහුණු පාසලේ සංචාරයක නිරතවිය. එහිදි එම පුහුණු පාසලට නව පරිච්ජේදයක් එක් කරමින් නවතමයෙන් ඉදිකරන ලද තාක්ෂණික පුහුණු විද්‍යාගාරය (Technology Training Laboratory) එතුමන් සුරතින් විවෘත කර ඵෛතිහාසික මතකයක් තබනු ලැබීය.
2018-05-14 16:22:27
ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ආරාධනාවකට අනුව මෙරට සංචාරයක නිරත ඉන්දීය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිෆින් රාවට් (General Bipin Rawat) සඳුදා (14) දින උදෑසන යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක යුද්ධ හමුදා මුලස්ථානයේදී නිල වශයෙන් හමුවුහ.
2018-05-14 11:08:16
ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති තුමන්ගේ ආරාධනයකට අනුව සත්දින (මැයි මස 13 සිට 18 දක්වා) නිළ සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිෆින් රාවට් (General Bipin Rawat) ඉන්දීය සාමසාධක හමුදාවේ දිවි පිදූ රණවිරුවන් සිහිකරමින් ඉදිකර ඇති බත්තරමුල්ල රණවිරු ස්මාරකය වෙත අද (14) දින උදෑසන පුෂ්පෝපහාර දැක්වීය.
2018-05-13 18:56:03
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවත්නා ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීම සඳහා ද්විපාර්ශ්වික සබඳතාවන්හි වැදගත්කම සාකච්ඡා කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ආරාධනයකට අනුව ඉන්දියානු යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිෆින් රාවට් (General Bipin Rawat) දින හතක නිල සංචාරයක් සඳහා ඉරිදා (13) දින සන්ධ්‍යාවේ දී ශ්‍රී ලංකාවට පැමිණියහ.
2018-05-12 11:15:04
ත්‍රිවිධ හමුදා රණවිරුවන් සහ පොලිස් සාමාජිකයින්ගේ වීරත්වය සහ නීර්භිතකම වෙනුවෙන් ගෞරව කිරීමක් ලෙස රණවිරු සැමරුම් මාසයට සමගාමීව සිකුරාදා (11) දින ඇතුගල්පුර දී ‘වයඹ රණ අභිමන්’ රණවිරු ස්මාරකය විවෘත කරන ලදි.
2018-05-11 09:41:54
හදවත් රෝගවලින් පෙළෙන දරුවන් සඳහා රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘Little Hearts’ – ‘බිළිඳු හදවත්’ අරමුදල සඳහා යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සියළුම හමුදා සාමාජිකයින්ගේ පරිත්‍යාගශීලීත්වය ලොවටම පෙන්වමින් රුපියල් මිලියන 70 ක මුදලක් අද (10) දින උදෑසන පරිත්‍යාග කරන ලදී.
2018-05-09 21:44:41
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සහ බංගලාදේශ යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් (SNCOs) අතර පවත්නා සෘජූ සේවා සම්බන්ධතාවයන්හි සුවිශේෂි ප්‍රගතියක් අත්කර ගැනීමේ අරමුණින් සෙනසුරාදා (05) දින සිට බංගලාදේශයේ දින පහක අන්තර් ක්‍රියාකාරි හමුවක් සඳහා සහභාගිවන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ රෙජිමේන්තු සැරයන් මේජර්වරුන්.......
2018-05-06 18:11:23
සියළුම ජනවර්ග අතර සහයෝගිතාව සංකේතවත් කරමින්, සමාජයේ අවධානය සහ සහාය අවශ්‍ය වන ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ ආබාධිත රණවිරුවන් මෙන්ම ආබාධිත සිවිල් වැසියන් වෙනුවෙන් රෝදපුටු 110 ක් ප්රදානය කිරීමේ උත්සවයක් සෙනසුරාදා (05) දින පැවැති අතර ඉස්ලාමීය ආගමික අධ්‍යාත්මික සංවර්ධන මධ්‍යස්ථානයේ එම්.සී.ඒ. හමීඩ් හාජියාර් ට්‍රස්ට් (M. C. A Hameed Hajiyar Trust) ආරාධනයකට අනුව එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි විය.
2018-05-05 15:01:47
ගණේමූල්ල ප්‍රදේශයේ ස්ථානගත ශ්‍රී ලංකා යුද්ධ හමුදා කමාන්ඩෝ රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ කලාත්මකව ඉදිකරන ලද නව නිලධාරි නිවස්නය විවෘත කිරීමේ උත්සවය සිකුරාදා (04) දින පැවැති අතර කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා ගේ ආරාධනයකට අනුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය.