2018-06-09 13:50:00
යුද්ධ හමුදා සැරයන් මේජර් මෑතකදි පැවැති ඇමරිකා එක්සත් ජනපදයේ හවායි, හොනෝළුලු (Honolulu, Hawaii, USA) හී එක්සත් ජාතින්ගේ ශාන්තිකර කලාපීය පාබල හමුදා සම්මන්ත්‍රණය සහ ප්‍රදර්ශනය - 2018 සඳහා සහභාගිවී පැමිණි අතර යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් සමකාලීන යුද ඉතිහාසයේ පෙර නොවූ විරූ නිදසුනක් ලෙස සලකා බැලිය හැකි .....
2018-06-06 21:02:29
පුරා වසරක කාලයක් ත්‍රිකුණාමලය භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ (ASL) දී පැවති භඨකාර්ය සම්පාදන මාණ්ඩලික නිලධාරි පාඨමාලා අංක - 04 සාර්ථකව හැදෑරු යුද්ධ හමුදා නිලධාරින් 32 ක් ඇතුළු විදේශීය නිලධාරින් දෙදෙනකු වෙත උපාධි සහතිකපත් ප්රදානය කිරීමේ උත්සවය බදාදා (06) දින කොළඹ ආරක්ෂක සේවා විද්‍යාල ශ්‍රාවණාගරයේ දී පැවති අතර, එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා සහභාගි විය.
2018-06-06 17:11:53
පුදුකුඩියිරිප්පු, විෂ්ණමඩු ප්‍රදේශයේ දී එල්.ටී.ටී.ඊ ත්රස්තවාදීන් සමඟ කරන ලද සටනක දී දරුණු ලෙස තුවාල ලැබ ආබාධිත තත්ත්වයට පත්වූ ගජබා රෙජිමේන්තුවේ කෝප්රල් ඩබ්ලිව්.කේ.එස්. ලක්මාල් ඇතුළු පවුලේ සාමාජිකයින් වෙනුවෙන් අතුරුගිරිය, බොරළුගොඩ ප්‍රදේශයේ නවතමයෙන් ඉදිකරන ලද දෙමහල් නිවසක් බදාදා (06) දින උදෑසන ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ආරාධනයකට අනුව සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ප්‍රදානත්වයෙන් විවෘත කරනු ලැබීය.
2018-06-02 11:36:19
නුදුරේදී පැවැත්විමට නියමිත දකුණු ආසියානු කලාපීය සිවිල් කටයුතු සබැඳි සම්මන්ත්‍රණයට පෙර ශ්‍රී ලංකාවේ සිවිල්-ආරක්ෂක හමුදා සහයෝගීතා ව්‍යාපෘතින් (Civil-Military Cooperation (CIMIC) projects) පිළිබඳ අධ්‍යයනයක නිරත වීමට පැමිණ සිටින ඇමෙරිකා එක්සත් ජනපද පැසිෆික් විධානයේ (USPACOM) හි නිලධාරින් 04 දෙනෙකුගෙන් සමන්විත නියෝජිතයින් පිරිසක් සිකුරාදා (01) දින යුද්ධ හමුදා මුලස්ථාන හමුදාධිපති කාර්යාලයේ දී යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.
2018-05-31 17:57:53
‘ගැටුම්වල ස්වභාවය පිළිබඳ ගෝලීය සහ කලාපීය විශ්ලේෂණය’ (Dynamics of Conflicts; Analysis within Regional and Global Context) යන තේමාව යටතේ බුත්තල, නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානය විසින් සංවිධානය කරනු ලබන වාර්ෂික අධ්‍යයන සම්මන්ත්‍රණයේ සමාරම්භක සැසිවාරය බ්‍රහස්පතින්දා (31) දින උදෑසන බුත්තලදී ආරම්භ කරන ලදී.
2018-05-30 23:26:16
චීන අරමුදල් මත දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපිඨයේ ඉදිකරන නව ශ්‍රවණාගාර සංකීර්ණය සඳහා තාක්ෂණික සහය ලබාදෙන චීන නියෝජිතයින් පිරිසක් බදාදා (30) දින පස්වරුවේ යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවී එහි ඉදිකිරිම් පිළිබඳ ප්‍රගති සමාලෝචනයක් ඉදිරිපත් කළහ.
2018-05-29 13:06:25
ශ්‍රී ලංකාව සහ මැලේසීයාව අතර පවතින අධ්‍යාත්මික සහ සංස්කෘතික බැදීම තවදුරටත් තහවුරු කරමින් මැලේසීයාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා ගේ මුලිකත්වයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේවා බලකාය විසින් ඉදිකරන ලද දර්ශනීය තොරණ මැලේසියා, ක්වාලා ලාම්පූර් බ්රික්ෆිල්ඩ් බෞද්ධ විහාරයේ දී සෙනසුරාදා (26) දින සිට ප්‍රදර්ශනය කරයි.
2018-05-28 14:45:31
එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානයේ වාර්ෂික වෙසක් සැමරුම - 2018, පැරීසියේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අනුග්‍රහය යටතේ සියලු ආසියානු ශාන්තිකර කලාපීය එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානයේ සාමාජිකයින් විසින් ‘ජාත්‍යන්තර බෞද්ධාගමික සහජීවනය සහ අවිහිංසාව’ (Promotion of Peace and Non-Violent Buddha's Way of Life) යන තේමාව යටතේ බ්‍රහස්පතින්දා (24) දින ප්‍රංශයයේ පැරීස් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධාන මූලස්ථානයේ දී ඉතා උත්කර්ශවත් අයුරින් පවත්වන ලදි.
2018-05-25 20:05:23
ගංවතුර තත්වයෙන් පීඩාවට පත් කෑගල්ල, කළුතර, පොළොන්නරුව, මහනුවර, ගාල්ල, රත්නපුර, ගම්පහ, පුත්තලම, මාතර, කුරුණෑගල, බදුල්ල, කොළඹ යන දිස්ත්‍රික්කයන් වෙත සිකුරාදා (25) දින සන්ධ්‍යාව වන විට සියගණනින් වු යුද්ධ හමුදා භට පිරිස් යොදවා ඇති අතර ඔවුන් දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි ආපදා කළමණාකරන මධ්‍යස්ථානයන් හා සම්බන්ධිකරණයෙන් යුතුව ගලවාගැනිමේ සහ සහන මෙහෙයුම් කටයුතුවල අඛණ්ඩව නිරතව සිටී.
2018-05-19 19:50:34
ජාතික රණවිරු දිනයට සමගාමීව, බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියස දී සෙනසුරාදා (19) දින සන්ධ්‍යාවේ ත්‍රිවිධ හමුදා, පොලිසියේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තුමේන්තුවේ නිර්භිත හා ධෛර්ය සම්පන්න රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ගේ මතකයන් සිහිපත් කරමින් ජාතියේ ගෞරවය පිරිනමනු ලැබීය.