2018-06-28 16:34:40
ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ක්‍රියාත්මක ‘පිබිදෙමු පොලොන්නරුව’ ව්‍යාපෘතියට සමඟාමිව පොලොන්නරුව ප්‍රදේශයේ සිදුකරන ලද ව්‍යාපෘති කිහිපයක විවෘත කිරිම් උතුම් පොසොන් පුර පසලොස්වක පොහෝ දින (27) අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවති අතර 2016 දෙසැම්බර් මස ත්‍රිවිධ හමුදාවේ මුලිකත්වයෙන් ඉදිකිරිම් අරඹනු ලැබු පොලොන්නරුව, ඌනගල විහාරයේ දාගැබ ද අතිගරු ජනාධිපතිතුමන්ගේ සුරතින් විවෘත කරන ලදී.
2018-06-27 16:15:57
සිව්දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි පාකිස්ථාන ඒකාබද්ධ මාණ්ඩලික කමිටු ප්‍රධානී, ජෙනරාල් සුභායිර් මහ්මුද් හයාත් (General Zubair Mahmood Hayat, NI (M)), බදාදා (27) දින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවින්ද්‍ර සී. විජේගුණරත්න සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් ඉතා උණුසුම් අයුරින් පිලිගන්නා ලදී.
2018-06-26 21:54:05
ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් අතිගරු ඩේවිඩ් මැක්නිනන් මහතා ඇතුළු කොළඹ පිහිටි කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජිත පිරිසක් අගහරුවාදා (26) දින යුද්ධ හමුදා මුලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.
2018-06-24 15:32:30
ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපතිතුමන්, ඉන්දීය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ ඉන්දීය මහකොමසාරිස්වරයා සමඟ ඇතිකරගත් සහයෝගිතාවයකට අනුව මෙම මහඟු පුණ්යකර්ම ව්‍යාපෘතිය යුද්ධ හමුදා සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් 82 ක් ඇතුළු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් 160 ගෙන් සමන්විත කණ්ඩායමක් සිය ජිවිතයේ පළමු වතාවට බුද්ධගයාව වන්දනා කිරීම සඳහා අවස්ථාවක් උදාකළහ.
2018-06-19 20:52:10
යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක, ක්‍රීඩා ක්ෂේත්රයේ උත්තේජයක් ලබාදීමේ අරමුණින් යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්, පුහුණුකරුවන් මෙන්ම යුද්ධ හමුදා මළල ක්‍රීඩා සහ ක්‍රීඩා කමිටු සාමාජිකයින් විශාල පිරිසක් අඟහරුවාදා (19) දින පනාගොඩ, යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී ඇමතූහ.
2018-06-18 19:59:21
උතුරු සහ නැගෙනහිර පළාත් හි ජාතීන් අතර සංහිදියා ක්‍රියාවලිය සහ යටිතල පහසුකම් සංවර්ධන කටයුතු සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් දක්වනු ලබන දායකත්වය සංකේතවත් කරමින් හමුදා භට පිරිස් පරිහරණය කරන ලද තෙලිප්පලෙයි, කරච්චි සහ මුහුදුබඩපත්තු යන ප්‍රදේශවල ඉඩම් අක්කර 120.89 ක භුමි ප්‍රමාණයක් නිදහස් කරනු ලැබූ අතර, ඒවාට අදාළ නිත්‍යානුකුල ලියකියවිලි භාරදීම සඳුදා (18) දින සිදුකෙරිණි.
2018-06-18 14:46:42
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ තවත් ප්‍රධාන මෝටර් රථ තරඟාවලියක් වන ‘විජයබාහු මෝටර්ක්‍රොස් - 2018’ විජයබාහු පාබල රෙජිමේන්තුව, ශ්‍රී ලංකා මෝටර් රථ ධාවකයින්ගේ සංගමය හා අත්වැල් බැදගනිමින් 16 වන වරටත් සාර්ථකව කුරුණෑගල, බෝයගනේ විජයබාහු පාබල රෙජිමේන්තු ධාවන පථයේදී ඉරිදා (17) දින පවත්නු ලැබීය.
2018-06-16 13:38:33
පොල්ගස්ඕවිට දහම් සෙවණ විහාරයේ පිහිටා ඇති ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ අභිනවයෙන් ඉදිකිරීමට නියමිත මහල් 17 කින් සමන්විත ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු සමාරම්භක උත්සවයට සහභාගිවීම සඳහා දිවයිනට පැමිණ සිටින ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය යුකියෝ හටොයාමා මහතා (Yukiyo Hatoyama) යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සමඟ සුහද සාකච්ඡාවක යෙදුණු අතර එහිදි බුද්ධ ශාසනය වෙනුවෙන් යුද්ධ හමුදාව දක්වන දායකත්වය සහ එහි සංවර්ධන කටයුතු පිළිබඳව එතුමන් දැනුවත් කළහ.
2018-06-14 19:37:21
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ඇමෙරිකා එක්සත් ජනපද පැසිෆික් විධානයෙහි (USPACOM) තවත් කණ්ඩායමක් බ්‍රහස්පතින්දා (14) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමු වී එක්සත් ජාතීන්ගේ ඉදිරි සාම සාධක කටයුතු සහ අදාළ ප්‍රදේශයන්හි ඔවුන්ගේ මෙහෙයුම් පිළිබඳ සාකච්ඡා කරන ලදි.
2018-06-12 07:48:19
ආගමික සහයෝගීතාවය හා මිත්‍රත්වය ප්‍රදර්ශණය කරමින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක යුද්ධ හමුදාවේ සේවයේ නියුතු මුස්ලිම් සාමාජිකයන් හා එක්ව සඳුදා (11) දින පස්වරුවේ වාද්දුව, ‘Laya Beach’ හෝටලයේ පැවති දෛනික රාමසාන් උපවාස කාලය අත්හැරීමෙන් පසු සිදුකරනු ලබන ‘ඉෆ්තාර්’ ආගමික චාරිත්‍රය සඳහා එක්විය.