2018-07-12 23:26:32
ජාතිය ගොඩනැගීමේ කාර්යභාරයන් සහ වගකිම් පිළිබඳ යුද්ධ හමුදාධිපතිගේ දැක්මට අනුව, රජය මගින් ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන ක්‍රියාදාමයට අවශ්‍ය සහයෝගය ලබාදීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා යාන්ත්‍රික ඉංජිනේරු බලසේනාව ජාතිය ගොඩනැගීමේ කාර්ය සේනාංකය (Nation-Building Task Force) ලෙස අද උදෑසන (12) මත්තේගොඩ පිහිටි ඉංජිනේරු බලසේනා මූලස්ථානයේ දී විවෘත කරන ලදි.
2018-07-10 17:46:47
යුද්ධ හමුදා පර්යේෂණ විශ්ලේෂණ යෝජනා සහ සංවර්ධන ශාඛාවේ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් රේනුක රොවෙල් ගේ ආරාධනයකට අනුව යුද්ධ හමුදා සාමාජිකයින් විසින් නිර්මාණය කල සුවිශේෂි නවෝත්පාදන 13 ක් අඟහරුවාදා (10) දින උදෑසන යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් නිරික්ෂණය කළහ.
2018-07-09 15:10:10
ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය විසින් සංවිධානය කරනු ලැබු ‘‘කැවලරි සුපර්ක්‍රොස්’ තරඟාවලිය - 2018’ දිවයින පුරා මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් නව වාර්තා බිහිකරමින් ක්‍රීඩා ලෝලින් රැසක් මධ්‍යයේ ඉරිදා (08) දින පාන්ගොල්ල ධාවන පථයේ දී සාර්ථකව පැවැත්විණි.
2018-07-07 11:39:01
කොළඹ, විශාඛා විද්‍යාලයේ සිකුරාදා (06) දින සන්ධ්‍යාවේ පැවැති ‘2017 - වර්ණ රාත්‍රියේ’ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස විශාඛා විද්‍යාලයේ විදුහල්පතිණි සඳමාලි අවිරුප්පොල මහත්මියගේ ආරාධනයකට අනුව සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ඉතා උණුසුම් හා මහත් ගෞරවයෙන් යුතුව පිළිගනු ලැබීය.
2018-07-06 15:19:20
ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත සිම්බාබ්වේ ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නියෝජිතයින් 23 දෙනෙකු ඔවුන්ගේ විදේශීය සංචාරයන්හි එක් අදියරක් ලෙස ශ්‍රී ලංකාවට පැමිණි අතර, අද (06) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.
2018-07-04 09:54:03
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වඩාත් ගෞරවණිය රෙජිමේන්තු අතරින් එකක් වන සිංහ රෙජිමේන්තුවේ ක්‍රීඩා කෞෂල්‍යයන් අගයමින් අඟහරුවාදා (03) දින සන්ධ්‍යාවේ දී කොළඹ, නෙළුම් පොකුණ රඟහලේ දී ඉතා උත්කර්ෂවත් ‘වර්ණ රාත්‍රියක්’ පවත්වනු ලැබු අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු අධිපතිතුමන්ගේ ආරාධනයෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි විය.
2018-07-03 10:54:20
මෑතකදී මහනුවර ප්‍රදේශයේ ඇතිවු ප්‍රචණ්ඩකාරි ජනවාර්ගික ගැටුම්කාරි තත්ත්වය සමතයකට පත්කිරීම සඳහා යුද්ධ හමුදාව ක්ෂණිකව ක්‍රියාත්මක වූ අතර එම තත්ත්වයෙන් පීඩාවට පත් ප්‍රදේශයන් නැවත යථාතත්ත්වයට පත්කරලීම සඳහා කටයුතු කිරීම සම්බන්ධව මුස්ලිම් මවුලවිතුමන්ලා, විද්වතුන් සහ මුස්ලිම් ප්‍රජා සාමාජිකයින් විශාල පිරිසක් එක්ව නුවර, බෝගම්බර මහා පල්ලියේ සඳුදා (02) දින පැවැති සුහද හමුවකදී ප්රසංශාවට ලක් කළහ.
2018-07-01 13:43:13
2018 - ‘හයිලෑන්ඩර්ස්’ කුසලාන ගොල්ෆ් තරඟාවලියට නව පිබිදීමක් එක් කරමින් අලුත්වැඩියා කරන ලද දියතලාව යුද්ධ හමුදා ගොල්ෆ් ක්‍රීඩාංගණය සහ විශීෂ්ඨ ස්වභාවයේ නවතමයෙන් ඉදිකරන ලද සමාජශාලාව සෙනසුරාදා (30) දින දේශීය සහ විදේශීය ගොල්ෆ් ක්‍රීඩකයින්ට මෙන්ම සියළුම ක්‍රීඩකයින් වෙනුවෙන් විවෘත කරනු ලැබීය.
2018-06-30 20:22:43
මේ දිනවල නැගෙනහිර පළාතේ පැවැත්වෙන පොසොන් සැමරුම් උත්සවයන් නැරඹිම සඳහා නැගෙනහිර පළාතේ නිරික්ෂණ සංචාරයක නිරත යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් මෙම සංචාරය අතරතුර අම්පාර සටන් පුහුණු පාසලේහි ක්‍රීඩාගාරයක් සහ 24 වන සේනාංක මුලස්ථානයේ නිලධාරි නිවස්නය ද විවෘතකිරිමේ අවස්ථාව සඳහා එක් වූ අතර, සිකුරාදා (29) දින නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සන්තුසිත පනන්වල හා එක්ව අම්පාර බුද්ධංගල ආරණ්‍ය සේනාසනයේ ‘පොසොන්’ සැමරුම් වැඩසටහන සඳහා ද සහභාගි වූහ.
2018-06-29 15:46:17
නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපතිතුමන්ගේ ආරාධනාවකට අනුව නැගෙනහිර පළාතේ සංචාරයක නිරත වන යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක අම්පාර ප්‍රදේශයේ පිහිටි 24 වන සේනාංක මුලස්ථානය වෙත බ්‍රහස්පතින්දා (28) දින පැමිණි අතර එහිදී භට පිරිස් ඇමතීමක් ද සිදුකරන ලදී.