2018-09-13 13:49:00
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වඩාත් ගෞරවණිය රෙජිමේන්තුවක් වන ගැමුණු හේවා රෙජිමේන්තු ඉතිහාසයේ පළමු වරට ක්‍රීඩා කෞෂල්‍යයන් අගයමින් බදාදා (12) දින සන්ධ්‍යාවේ දී කොළඹ, නෙළුම් පොකුණ රඟහලේ දී ඉතා උත්කර්ෂවත් ‘වර්ණ රාත්‍රියක්’ පවත්වනු ලැබු අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි විය.
2018-09-11 18:38:05
ඕස්ට්‍රේලියානු යුද්ධ හමුදාව විසින් ද්විවාර්ෂිකව සංවිධානය කරනු ලබන යුද්ධ හමුදා ප්‍රධානීන්ගේ සමුළුව - 2018 (The Chief of Army Land Forces Seminar 2018 (CALFS18)) සඳහා ජාතික හා ජත්‍යන්තර විද්වතුන් රැසකගේ සහභාගීත්වයෙන් පසුගිය අඟහරුවාදා (සැප්තැම්බර් 4) දින දකුණු ඕස්ට්‍රේලියාවේ පිහිටි ‘Adelaide’ සම්මන්ත්රණ මධ්‍යස්ථානයේදී පවත්වන ලද අතර ඕස්ට්‍රේලියානු යුද්ධ හමුදාවේ ආරාධනය....
2018-08-31 21:16:29
ලොවපුරා වූ ආරක්ෂක සබැඳි පාර්ශවකරුවන්, විද්වතුන් සහ ආරක්ෂක විශේෂඥයන් 115 ක් ඇතුළු සන්නද්ධ හමුදා සාමාජිකයින් 800 ක පමණ සහභාගිත්වයෙන් ‘ගෝලීය වියවුල් හමුවේ දේශයේ සුරක්ෂාව’ යන තේමාව ඔස්සේ මෙවර පැවැති ‘කොළඹ ආරක්ෂක සමුළුව - 2018’ අගෝස්තු මස 31 දින සන්ධ්‍යාවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී සාර්ථකව නිමාවට පත්වු අතර එහිදි සහභාගි වූ විද්වතුන් රැසක් ගෝලීය ආරක්ෂාව සම්බන්ධ ක්ෂේත්රයන් පිළිබඳව සාකච්ඡා කළහ.
2018-08-30 13:10:46
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ආරාධනයෙන් ලෝකය පුරා සිටින විද්වතුන් රැසකගේ සහභාගීත්වයෙන් 8 වන වරටත් පවත්වනු ලබන ‘කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණය - 2018’ අද (30) දින උදෑසන බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී ආරම්භ විය.
2018-08-27 21:08:57
ශ්‍රී ලංකා අශ්වාරෝහක සංගමය විසින් ප්‍රථම වරට පවත්වනු ලැබු තුරඟ තරගාවලිය දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨ පෝලෝ ක්‍රීඩාංගනයේ දී ඉරිදා (26) දින පැවති අතර ඒ සඳහා විශාල ප්‍රේක්ෂක පිරිසක් සහභාගිවිය.
2018-08-24 06:10:31
පරිසර හිතකාමී ජනතාවකට ආමන්ත්‍රණය කරන තවත් වැදගත් ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස කඩවත සිට මාතර දක්වා දිවෙන කිලෝමීටර 154 ක් දිගින් යුක්ත දක්ෂීණ අධිවේගි මාර්ගය දෙපස ‘තුරුලිය වෙනුවෙන් අපි’ තේමාව යටතේ රුක් රෝපණ වැඩසටහනක් දෙරණ මාධ්‍ය ජාලයේ සහයෝගය ද ඇතිව ශ්‍රී ලංකා යුද්ධ හමුදා භට පිරිස් බ්‍රහස්පතින්දා (23) දින ආරම්භ කරනු ලැබීය.
2018-08-23 14:48:38
යුද්ධ හමුදා මූලස්ථාන බලඇණියේ වාර්ෂික සුහද හමුව බදාදා (22) දින මත්තේගොඩ, සැපර්ස් ලේෂර් බේ හිදී පැවැත් වූ අතර, මූලස්ථාන බලඇණියේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ප්‍රදීප් ගමගේ විසින් කරන ලද ආරාධනයකට අනුව එම අවස්ථාව සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි විය.
2018-08-21 10:54:02
රට වෙනුවෙන් දිවිපිදු යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ 1380 ක් රණවිරුවන් අනුස්මරණය කරමින් එම රෙජිමේන්තු භට පිරිස් විසින් දඹුල්ල පිහිටි යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මුලස්ථානයේ ඉදිකරණ ලද රණවිරු ස්මාරකය සඳුදා (20) දින විවෘත කරනු ලැබීය.
2018-08-20 08:26:25
ගජබා රෙජිමේන්තු භට පිරිස් හි දැවැන්ත ව්‍යාපෘතියක් වන ‘ගජබා සුපර් ක්‍රොස් - 2018’ සාර්ථකව 18 වන වරටත් දිවයිනේ නොයෙකුත් ප්‍රදේශයන්හි ක්‍රීඩා ලොලීන් රැසකගේ සහභාගීත්වයෙන් සාලියපුර ගජබා රෙජිමේන්තු ධාවන පථයේදී ඉරිදා (19) දින පවත්නු ලැබීය. ගජබා රෙජිමේන්තුව, ශ්‍රී ලංකා මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින්ගේ සංගමය....
2018-08-15 17:15:56
ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ රටවෙනුවෙන් දිවි පිදු රණවිරුවන්ගේ සහ රණක්ෂිතයට පත් රණවිරුවන්ගේ දූ දරුවන් වෙත ‘දහම් පහණ’ සංවිධානයේ සහෝදර චාර්ල්ස් තොමස් තුමන් විසින් ශිෂ්‍යත්ව 100 ක් ප්රදානය කිරීම අඟහරුවාදා (14) දින පනාගොඩ පිහිටි එම රෙජිමේන්තු මූලස්ථානයේ දී සිදු කරන ලද අතර, මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ප්රමුඛ සහෝදර චාර්ල්ස් තෝමස් තුමන් සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි චන්ද්‍රිකා සේනානායක මහත්මිය ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි විය.