2018-10-03 15:34:43
69 වන යුද්ධ හමුදා සංවත්සරය සහ යුද්ධ හමුදා දිනයට සමගාමීව යුද්ධ හමුදාවට ආශිර්වාදය පතා විශේෂ ඉස්ලාම් ආගමික යාඥාවක් බදාදා (03) දින උදෑසන කොළඹ 03, කොල්ලුපිටිය ජුම්මා මුස්ලිම් පල්ලියේ දී යුද්ධ හමුදාවේ සේවයේ නියුතු මුස්ලිම් ආගමික නිලධාරින් සහ සෙසු නිලයින්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.
2018-10-02 20:53:00
69 වන යුද්ධ හමුදා සංවත්සරය සහ යුද්ධ හමුදා දිනයට (ඔක්තෝම්බර් 10) සමගාමීව පවත්වනු ලැබු ආගමික වැඩසටහන් මාලාවේ තවත් අංගයක් ලෙස පැවති විශේෂ කතෝලික දේවමෙහෙය අඟහරුවාදා (02) දින බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ දී උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලැබීය.
2018-10-01 19:02:32
ඔක්තෝබර් මස 10 දිනට යෙදි තිබෙන 69 වන යුද්ධ හමුදා සංවත්සර සැමරුමට සමගාමීව සියලු යුද්ධ හමුදා ධජයන් සඳහා ආශිර්වාද ලබාගැනීමේ අරමුණින් පැවැත්වෙන දෙවැනි ප්‍රධාන ආගමික උත්සවය ඓතිහාසික අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභිමුවෙහි සඳුදා (01) දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ ප්‍රධානත්වයෙන් නිලධාරින් සහ සෙසුනිලයින් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
2018-09-28 19:16:36
දශක තුනක් පුරාවට දේශය වෙලාගත් රුදුරු ත්‍රස්තවාදී සංවිධානයක්, ලොව විශ්මයට පත්කරමින් විනාශ කල ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 69 වන සංවත්සර සැමරුම ඔක්තෝබර් 10 වන දිනට යෙදී තිබෙන යුද්ධ හමුදා දිනයට සමඟාමීව පවත්වනු ලබන ආගමික උත්සවයන් අද (28) උදෑසන පූජනීය වු උතුම් දළඳා වහන්සේ වැඩසිටිනා ඓතිහාසික මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේදි පවත්වනු ලබන ආගමික වතාවත් වලින් ආරම්භ විය.
2018-09-25 14:19:26
බෙංගාලයේ ආරම්භ කරනු ලැබු බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතා වැඩමුළුව කලාපීය යහපැවැත්ම සඳහා විසඳුම් සෙවීමේ අරමුණන් සාමාජික රාජ්‍යන්හි යුද්ධ හමුදා ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් ඉන්දියාවේ, පූනේ හිදී පවත්වනු ලැබීය. මෙම වැඩමුළුවේ පළමු සමුළුව දකුණු ආසියාවේ දී පැවැති අතර, ඉන්දිය යුද්ධ හමුදාව විසින් සංවිධානය කරනු ලැබු මෙවර වැඩමුළුවේ....
2018-09-23 13:40:10
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සංවිධානය කරනු ලබන ක්ෂේත්‍ර යුධ පුහුණු අභ්‍යාසය ‘දියකාවා IX – 2018’ අවසන් අධියරට ලඟාවත්ම ඒ පිළිබඳව නිරීක්ෂණය කිරීමේ අරමුණින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක දියකාවා යුධ පුහුණු අභ්‍යාස ක්‍රියාන්විත මුලස්ථානය පිහිටි මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයට බදාදා (26) දින පැමිණියහ.
2018-09-22 17:34:56
විවිධ ක්‍රීඩා කෞෂලයන්ගෙන් හෙබි නොසැලෙන ධෛර්යයකින් යුත් මානුෂීය මෙහෙයුමේදි විවිධ ආබාධ වලට ලක්වු යුද්ධ හමුදා රණවිරුවන් 700 කගේ පමණ සහභාගිත්වයෙන් පැවැති ‘ශ්‍රී ලංකා යුද්ධ හමුදා පැරා ක්‍රීඩා උළෙල - 2018’ සැප්තැම්බර් මස 21 දින හොරණ, දියගම ක්‍රීඩාංගනයේ දී උත්සවාකාරයෙන් නිමාවට පත්විය.
2018-09-21 17:11:57
යුද්ධ හමුදාව විසින් ප්‍රතිසංස්කරණය කරන ලද ගොමරන්කඩවල, බක්මීවැව සහ අලින්ගෙන් ගම්මානය ආරක්ෂාකරදීම සඳහා ඉදිකල අලිවැට බ්‍රහස්පතින්දා (20) දින අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ගොමරන්කඩවල දී පැවති උත්සවයක දී විවෘත කරනු ලැබීය.
2018-09-20 21:16:28
‘දියකාවා’ ක්ෂේත්‍ර පුහුණු යුද අභ්‍යාසයේ තවත් අදියරක් බ්‍රහස්පතින්දා (20) දින කොළඹ ‘නෙළුම් පොකුණ’ රඟහලේ දී පැවැත් වූ අතර, එහිදි සතුරන් විසින් ප්‍රාණ ඇපයට ගෙන සිටි සිවිල් වැසියන් පිරිසක් නිදහස් කිරීමෙන් ඔවුන්ගේ නිර්භීතභාවය, ප්‍රාණ ඇපකරුවන් මුදවාගැනීමේ හැකියාවන් ප්‍රදර්ශනය කෙරිණි.
2018-09-19 22:17:00
විවිධ ක්‍රීඩා කෞෂලයන්ගෙන් හෙබි නොසැලෙන ධෛර්යයකින් යුත් මානුෂීය මෙහෙයුමේදි විවිධ ආබාධ වලට ලක්වු යුද්ධ හමුදා රණවිරුවන් 700 කගේ පමණ සහභාගිත්වයෙන් ‘ශ්‍රී ලංකා යුද්ධ හමුදා පැරා ක්‍රීඩා උළෙල - 2018’ සැප්තැම්බර් මස 19 දින උත්සවාකාරයෙන් හොරණ, දියගම ක්‍රීඩාංගනයේ දී නිල වශයෙන් ආරම්භ විය.