2018-11-14 22:21:11
රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් සහ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් ඇගයීමේ විශේෂ උත්සවයක් බදාදා (14) දින සන්ධ්‍යාවේ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර එහිදි සියලුදෙනා අමතමින් යුද්ධ හමුදාධිපතිතුමන් “සෙබළුන්ගේ හදවතට සමීපව සිටින ඔබ, ඔබව නිතරම අනුකරණය කරන කනිෂ්ඨ සෙබළුන්ට ආදර්ශයක් විය යුතුය. ඔබේ හැසිරීම්වලදී සහ කටයුතු කිරීමේ දී ඔබගේ තත්ත්වය ආරක්ෂා කිරීම මඟින් කණිෂ්ඨ සෙබළුන් ඔබව අගය කරන අතර, යම් දිනක ඔබ වැනි අයෙක්වීමට අපේක්ෂා කරයි” යනුවෙන් අවධාරණය කරනු ලැබීය.
2018-11-13 22:28:51
ශ්‍රී ලංකා සංඥා බලකා 75 වන සංවත්සරය සමරනු වස් පවත්වනු ලබන සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශනය හා අධ්‍යාපනික සම්මන්ත්‍රණය නොවැම්බර් මස 28 සහ 29 දෙදින පුරා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇති අතර මෙම සම්මන්ත්‍රණය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ප්‍රධානත්වයෙන් අඟහරුවාදා (13) දින සන්ධ්‍යාවේ කොළඹ හිල්ටන් හෝටලයේ දී පැවැත්විණි.
2018-11-12 06:32:15
ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලිය මෙන්ම ප්‍රතිසංස්කරණ, තාක්ෂණික කටයුතු සහ බිම් බෝම්බ ඉවත් කිරීම ආදී දැවැන්ත කාර්යභාර්යක් ඉටුකරනු ලබන ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ 67 වන සංවත්සරය දෙදින ආගමික උත්සවයක් සමගින් සෙනසුරාදා (10) දින පනාගොඩ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා මූලස්ථාන පරිශ්‍රයේ දී අභීමානවත්ව සමරනු ලැබීය.
2018-11-10 00:06:51
10 වන ආරක්ෂක සේවා ක්‍රීඩා තරඟාවලිය - 2018 අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ත්‍රිවිධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3500 කට අධික ප්රමාණයකගේ සහභාගිත්වයෙන් සිකුරාදා (09) දින සන්ධ්‍යාවේ පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී සාර්ථකව නිමාවට පත්විය.
2018-11-07 21:42:55
කාම්බෝජියානු රජයේ බිම්වෙඩි පිළිබඳ ක්‍රියාකාරි ජාතික මධ්‍යස්ථානයේ නියොජිතයින් 9 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ මානුෂීයවාදි බිම්වෙඩි ඉවත් කිරීමේ ක්‍රියාවලියේ ප්‍රගතිය පිළිබඳ අධ්‍යනය කරමින් ඔවුන්ගේ දැනුම වර්ධනය කරගැනිම සඳහා පසුගියදා දිවයිනට පැමිණි අතර මුහුමාලයේ දී බදාදා (07) දින මානුෂීයවාදි බිම්වෙඩි ඉවත් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ ඔවුන් නිරීක්ෂණය කරනු ලැබීය.
2018-11-04 10:17:09
කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පතිතුමන් සහ ආදී ශීෂ්‍ය සංගමය විසින් කරන ලද ආරාධනයකට අනුව එම විද්‍යාලයේ පැවැති කර්නල් හෙන්රී ස්ටීල් ඕල්කට්තුමාගේ ගුණසමරු උත්සවයේ ප්‍රධාන දේශනය සිදුකිරීම සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සෙනසුරාදා (3) දින සහභාගි විය.
2018-10-30 23:41:24
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වසර 69 ක දිගු ගමනේ දී ඉතිහාසයට තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් න්‍යාය, ඉතිහාසය, අත්හදාබැලීම් සහ භාවිතය ආදි බොහෝ තොරතුරු ඇතුලත් නව සාර සංග්‍රහයක් වන ‘Capstone Doctrine’ ග්‍රන්ථය එළිදැක්විම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ප්‍රධානත්වයෙන් අඟහරුවාදා (30) දින.....
2018-10-28 11:57:01
යුද්ධ හමුදාව විසින් දෙවන වරට සංවිධානය කරන ලද ‘Ride with Pride’ පාපැදි සවාරිය පාපැදි ධාවන ක්‍රිඩකයින් සියගණනකගේ සහභාගිත්වයෙන් ගාලුමෝදර පිටිය අසලින් ඉරිදා (28) දින උදෑසන ආරම්භ විය. එහිදි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් ‘Ride with Pride’ පාපැදි සවාරියේ ධජය ඔසවා නරඹන්නන්ගේ උණුසුම් ප්‍රතිචාර මධ්‍යයේ පාපැදි සවාරිය නිළ වශයෙන් ආරම්භ කරන ලදි.
2018-10-25 17:06:50
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් ජාත්‍යන්තර තරඟයන් හිදී දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බ්‍රහස්පතින්දා (25) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.
2018-10-19 20:59:45
ශ්‍රී ලංකා සංඥා බලකායට වසර 75 ක් සපිරිම නිමිත්තෙන් සිකුරාදා (19) වන දින පනාගොඩ එම රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදි සැමරුම් උත්සවයක් පැවැත්විනි. උත්සවයට සමගාමීව නව ගොඩනැගිලි සංකීර්ණයක් හා තොරතුරු තාක්ෂණ විද්‍යාගාරයක් විවෘත කරනු ලැබු අතර, සංවත්සර සමරු මුද්දරයක් ද නිකුත් කරනු ලැබිය.