2019-07-12 18:43:59
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මුලිකත්වයෙන් දියත් කරනු ලබන ‘තුරුලිය වෙනුවෙන් අපි’ ව්‍යාපෘතියට සමගාමීව විල්පත්තුව රක්ෂිතය නැවත රෝපණය කිරීමේ දැවැන්ත ව්‍යාපෘතිය පිළිබඳ පැහැදිමට පත් වූ දිවයිනේ පුමුඛ පෙළේ වාණිජ සමාගමක් වන 'Spring & Summer' විලාසිතා සමාගම ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සමඟ අත්වැල් බැඳගනිමින් පසුගිය බ්‍රහස්පතින්දා (11) දින දුර්ලභ පැළ 5000 ක් යුද්ධ හමුදාව වෙත ප්රදානය කරනු ලැබීය.
2019-07-09 12:43:15
වාර්ෂික ඇසළ උත්සවයට සහභාගිවීම සඳහා පා ගමනින් කතරගම වෙත පැමිණෙන උතුරු හා නැගෙනහිර පළාත් බැතිමතුන් අඟහරුවාදා (9) දින උදෑසන යාල ජාතික වනෝද්‍යානය හරහා ලින්තුන වරහන නැමැති ප්‍රදේශයට ලඟා වන විට ඔවුන් වෙත යුද්ධ හමුදා සාමාජිකයින් විසින් සම්ප්‍රදායානුකූලව ආගන්තුක සත්කාර ලබාදෙන ලදි.
2019-07-06 17:07:36
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේදී ඉකුත් සිකුරාදා (6) දින සවස දැවැන්ත වේදිකාවක් මත යාපනය අර්ධද්වීපයේ සිය ගණනකට අධික ත්‍රිවිධ හමුදා සාමාජික සාමාජිකාවන් සිය සෞන්දර්යාත්මක කුසලතා එළිදැක්වූ අතර. එම අවස්ථාව සඳහා ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි විසින් කරන ලද ආරාධනයකට අනුව එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගී විය.
2019-07-04 21:50:20
කොරියාවේ කාන්තා නව නිපැයුම්කරුවන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද ‘කොරියා ජාත්‍යන්තර කාන්තා නවෝත්පාදන ප්‍රදර්ශනය - 2019 (KIWIE)’ සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කාන්තා සෙබල ලාන්ස් කෝප්රල් ජේ.සී.අයි. නිශාන්ති බ්‍රහස්පතින්දා (4) දින යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ආරාධනයකට අනුව යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි.
2019-07-02 08:01:22
ශ්‍රී ලංකා නීති ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද ‘නායකයින් පත්කිරීම වෙනුවෙන් පවත්වන වාර්ෂික වර්ණ රාත්‍රිය’ (Annual Captains Appointment Ceremony Colours Eve) ඉකුත් සඳුදා (01) දින අලුත්කඩේ පිහිටි ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ දී පැවැත්විණි. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
2019-06-30 18:03:11
ගොල්ෆ් ක්‍රීඩාව ජාතික ක්‍රීඩාවක් ලෙස ඉහළ මට්ටමකට රැගෙන ඒම සඳහා යුද්ධ හමුදාවේ උත්සාහය තවදුරටත් ප්‍රවර්ධනය කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගොල්ෆ් කමිටුවේ ආරාධනයකට අනුව ත්‍රිවිධ හමුදාවේ ගොල්ෆ් ක්‍රීඩකයින් ඇතුළු ජාතික ගොල්ෆ් ක්‍රීඩකයින් සහ ගොල්ෆ් ක්‍රීඩාලෝලීන් 79 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමකගේ වාර්තාගත සහභාගිත්වයෙන් ‘හයිලෑන්ඩර්ස්’ ගොල්ෆ් කුසලාන තරඟාවලිය - 2019 ඉකුත් සෙනසුරාදා (29) දින ප්‍රතිසංස්කරණය කරන ලද දියතලාව යුද්ධ හමුදා ගොල්ෆ් පිටියේ දී පැවැත්විණි.
2019-06-28 18:17:55
ඉතිහාසය සහ පුරාවිද්‍යාව යන විෂයධාරාවන් ආවරණය කළ විශ්‍රාමික විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයෙකු වන ආචාර්ය ප්‍රසන්ත පෙරේරා විසින් සිංහල භාෂාවෙන් රචිත ‘පළමු ලෝක යුද්ධය 1914 – 1919’ නම් ග්‍රන්ථයේ මංගල පිටපත සිකුරාදා (28) දින උදෑසන යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක වෙත පිළිගන්වනු ලැබීය.
2019-06-22 19:58:34
ජාතියේ අභිමානවත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ, විශේෂ බලකා පාඨමාලා අංක - 49 යටතේ “අධීෂ්ඨානයෙන් අභිතව අරමුණ කරා” යන ආදර්ශ පාඨය පෙරදැරීව ‘නිර්භිතව ඉලක්කය කරා ළඟාවීමට කැපවන’ නිලධාරීන් 4 දෙනෙකු සහ සෙසුනිලයින් 315 දෙනෙකුගේ විසිරයාමේ උත්සවය ඉකුත් සෙනසුරාදා (22) දින උදෑසන මාදුරුඔය විශේෂ බලකා පුහුණු පාසලේ දී පැවැත්විණි.
2019-06-21 16:22:04
ඉන්දියාවේ මූල්‍යමය ආධාර ඇතිව නුවරඑළිය ප්‍රදේශයේ නව නිවාස ව්‍යාපෘතිය ආරම්භ කෙරුණු අතර ඊට සමගාමීව නුවරඑළිය, ඩන්සිනන් වතුයායේ මහත්මා ගාන්ධී පුරම්හීදි ඉකුත් බ්‍රහස්පතින්දා (20) දින විශේෂ රුක් රෝපණ වැඩසටහනක් ආරම්භ කෙරිණි. මෙම විශේෂ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධීපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගී වූ අතර උත්සවය අතරතුරදී....
2019-06-19 18:46:07
යුද්ධ හමුදාව දියත් කරනු ලැබු ‘තුරුලිය වෙනුවෙන් අපි’ ව්‍යාපෘතියට සමගාමීව විල්පත්තු වනෝද්‍යානය නැවත රෝපණය කිරිම සඳහා පරිසර හිතකාමී සමාගමක් වන ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ශ්‍රී ලංකා (පුද්) සමාගම යුද්ධ හමුදාව සමඟ එක්වෙයි.