2019-08-01 18:11:18
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව ගුවන් හමුදාධිපතිතුමන් ලෙස නවතමයෙන් පත් වූ එයාර් මාර්ෂල් සුමංගල ඩයස් එම ධූරයට පත්වීමෙන් අනතුරුව සිය පළමු නිල සංචාරය ලෙස ඉකුත් බ්‍රහස්පතින්දා (01) දින යුද්ධ හමුදා මූලස්ථානයට පැමිණි අතර එහිදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සමඟ සුහඳ පිළිසඳරක ද නිරත විය.
2019-07-31 18:19:05
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ සංකල්පයකට අනුව, වෛද්‍ය ප්‍රතිකාර හෝ වෙනත් කටයුතු සඳහා කොළඹට පැමිණෙන සෙසුනිලයින්ට සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට අවම මිලකට නවාතැන් පහසුකම් සැපයීමේ අරමුණින් කොළඹ යුද්ධ හමුදා රෝහල ආසන්නයේ පිහිටි මැනිං ටවුන් යුද්ධ හමුදා නිවාස සංකීර්ණයේ ප්‍රතිසංස්කරණය කරන ලද අංගසම්පූර්ණ නිවාඩු නිකේතන දෙකක් අද (31) දින උදෑසන විවෘත කරනු ලැබීය.
2019-07-30 11:53:05
වාර්ෂිකව පවත්වනු ලබන මහනුවර ශ්‍රී දළදා පෙරහැර මංගල්‍යය, මහනුවර විදී ආලෝකමත් කරමින් දින කිහිපයක් පූරා විදී සංචාරය කිරීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් සම්ප්‍රදායිකව අඛණ්ඩව සිදුකරනු ලබන චාරිත්‍රයේ තවත් පියවරක් වශයෙන් 05 වන වරටත් වියළි පොල් (කොප්පරා) ටොන් 05 ක් ඉකුත් සඳුදා (29) දින උදෑසන පූජා කරනු ලැබීය.
2019-07-27 07:43:22
වසර 5000 කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ‘අංගම්පොර’ ආදීවාසී ශ්‍රී ලාංකීක සටන් කලාව අඛණ්ඩව පුනර්ජීවනය කිරීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සිය පුරාවෘත්තය පිළිබඳ දැනුම හා දක්ෂතාවය ලබාදෙමින්, එහි තවත් සුවිශේෂි පියවරක් ඉදිරියට තබමින් කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයට යාබදව පිහිටි ඉරානමඩු වැව් බැම්ම අසල....
2019-07-26 14:55:04
දිවයිනේ අලෙවිකරණ ක්ෂේත්රයේ ප්රවීණයන්ගේ සහ විධායකයින්ගේ සහභාගිත්වයෙන් අද (26) දින උදෑසන බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවති ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ (SLIM) වාර්ෂික ‘IGNITE – 2020’ ප්‍රධාන දේශනය සිදුකිරීම සඳහා යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක වෙත ආරාධනා කරන ලදී. ‘ජාතික ආරක්ෂාව සම්බන්ධව ආර්ථිකයේ භූමිකාව’ සහ ‘අපේ ජාතික ආරක්ෂාව අඩපණවීමට හේතු සාධක කවරේද’ මෙන්ම ‘අපේ අනාගතය සුරක්ෂිත කරන්නේ කෙසේද’ යන කාලීන මාතෘකා පිළිබඳ අවධානය යොමුකරමින් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් මෙහිදි ප්‍රධාන දේශණය සිදු කරන ලදී.
2019-07-25 15:32:10
යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ උපදෙස් මත යුද්ධ හමුදා පුනරුත්ථාපන අධ්‍යක්ෂක මණ්ඩලය විසින් රණක්ෂිතයට පත්ව දැනට නේවාසිකව ප්‍රතිකාර ලබන විරෝධාර රණවිරුවන් 129 දෙනෙකුට ඵෙතිහාසික කතරගම පූජාභූමිය වැදපුදා ගැනීමට අවස්ථාව උදාකරදෙමින්, ඔවුන්ට ජූලි මස 23 සිට 25 දින දක්වා කාලසීමාව තුළ කතරගම වන්දනා චාරිකාවක නිරතවීමට අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කරන ලදී.
2019-07-23 07:54:00
ආරක්ෂක අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් ආරම්භ කරන ලද ‘සත්විරු අභිමන්’ ව්‍යාපෘතියේ යටතේ මව්බිම වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්ට සහ අත් පා අහිමි වු ආබාධිත රණවිරුවන්ට මෙන්ම සේවයේ යෙදී සිටින රණවිරුවන් ඇගයුමට ලක් කරමින් රුපියල් මිලියන 700 කට අධික වටිනාකමින් යුත් නිවාස....
2019-07-20 10:06:26
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විශේෂ ව්‍යාපෘතීන්ගෙන් තවත් එක් ව්‍යාපෘතියක් ලෙස යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සුවිශේෂී කුසලතා හඳුනාගෙන ඒවා ඇගයුමට ලක් කිරීමේ අරමුණින් පවත්වනු ලබන ‘ශ්‍රී ලංකා යුද්ධ හමුදා වර්ණ රාත්‍රිය 2017/2018’ විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යතුමන්, ආරක්ෂක ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති, නාවික හමුදාධිපති, ගුවන් හමුදාධිපති මෙන්ම තවත් සම්භාවනීය ආරාධිතයින් රැසකගේ සහභාගිත්වයෙන් ඉකුත් සිකුරාදා (19) දින කොළඹ නෙළුම් පොකුණ රඟහල් පරිශ්‍රයේ දී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
2019-07-19 09:57:48
ආබාධිත දරුවන්ගේ සුභසාධනය සනිටුහන් කිරීමේ තවත් එක් සන්ධිස්ථානයක් ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ශ්‍රම දායකත්වයෙන් කැළණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉදිකරනු ලැබූ ‘ආයතී ළමා සුරැකුම් මධ්‍යස්ථානය’ අද (18) දින උදෑසන පැවති සරල උත්සවයකදී එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් ආබාධිත දරුවන් වෙත විධිමත් ලෙස පවරා දෙනු ලැබිණි.
2019-07-15 16:09:20
එක්සත් ජාතීන්ගේ නිව්යෝර්ක් හි ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතවරිය ලෙස නම් කරන ලද තානාපති ක්ෂෙනුකා සෙනෙවිරත්න මහත්මිය (Mrs Kshenuka Senewiratne) අද (15) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.