2019-10-07 14:58:23
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සිය ධුරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් හමුවීම සඳහා අද (7) දින උදෑසන ශ්‍රී ලංකා ගුවන් හමුදා මුලස්ථානයේ සිදු කළ සිය ප්‍රථම නිළ සංචාරයේදී යුද්ධ හමුදාධිපතිතුමන්ව ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
2019-10-06 07:44:31
70 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමිව යුද්ධ හමුදා ධජයන්ට සෙත් පැතීමේ ආශිර්වාද පූජාවක් සෙනසුරාදා (05) දින සන්ධ්‍යාවේ ඵෙතිහාසික කතරගම කිරිවෙහෙර දාගැබ අභියසදී හා කතරගම දේවාල පරිශ්‍රයේදී පැවැති අතර කතරගම පූජාභූමිය අලංකාරවත් කරමින් යුද්ධ හමුදා ධජ පෙරටු කරගත් යුද්ධ හමුදා නිලධාරීන් සහ සෙසුනිලයින් යුද්ධ හමුදා දිනයට (ඔක්තෝම්බර් මස 10 දිනට යෙදුණු) ආශිර්වාද එක්කිරීම සඳහා බැතිමතුන් සමඟ එක්විය.
2019-10-04 11:51:20
යුද්ධ හමුදා සාමාජිකයින් අතර විනය හා හැසිරීම උසස් මට්ටමක පවත්වාගැනීමේ අරමුණින් පවත්වනු ලැබූ අන්තර් රෙජිමේන්තු සරඹ, තුර්යවාදක කණ්ඩායම් සහ පියවර කෝදු තරඟාවලිය ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වඩාත් දර්ශනීය අංගයක් ලෙස ඉකුත් බ්‍රහස්පතින්දා (03) දින සන්ධ්‍යාවේ පනාගොඩ, ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු සරඹ භූමියේදී පැවැත්විණි.
2019-10-01 13:11:16
ඔක්තෝබර් මස 10 දිනට යෙදි තිබෙන 70 වන යුද්ධ හමුදා සංවත්සර සැමරුමට සමගාමීව සියලු යුද්ධ හමුදා ධජයන්ට ආශිර්වාද එක්කිරීමේ අරමුණින් පැවැති දෙවැනි ආගමික උත්සවය සම්ප්‍රදායික ‘හේවිසි’ සහ ‘මඟුල් බෙර’ හඬ මධ්‍යයේ ඓතිහාසික අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභිමුවෙහිදී අඟහරුවාදා (01) දින උදෑසන පැවැත්විණි.
2019-09-28 18:27:45
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සේවා සපයන්නා මෙන්ම මාතෘභූමියේ ආරක්ෂකයා ලෙස නිර්භීත හා පරාර්ථකාමී පරිත්‍යාගයන් සිදුකරමින් පසුගිය දිනවල අසමසම වාර්තාවන් පිහිට වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 70 වන යුද්ධ හමුදා දිනයට (ඔක්තෝම්බර් 10) සමගාමීව වර්ණ ධජයන්ට ආශීර්වාද කිරීමේ ප්‍රථම ආගමික වැඩසටහන අද (28) දින උදෑසන යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේදී පවත්වනු ලැබීය.
2019-09-24 17:39:51
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට ගෞරවයක් එක්කරමින් අද (24) දින උදෑසන කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී ආරම්භ වූ ‘7 වන වාර්ෂික සයිබර් ආරක්ෂණ සමුළුව - 2019’ හි සමාරම්භක දේශනය සිදුකිරීම සඳහා ගෞරවනීය ආරාධිතයෙකු ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහභාගි විය.
2019-09-23 22:30:23
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් දහවන වරටත් සංවිධානය කරනු ලැබු ‘දියකාවා යුද අභ්‍යාසය අදියර X – 2019’ (ඒකාබද්ධ ක්ෂේත්‍ර යුද අභ්‍යාසය) අවසන් ප්‍රහාරය විශේෂ ක්‍රියාන්විත හමුදා උපක්‍රම භාවිතා කරමින් යුද්ධ හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුව, විශේෂ බලකාය, ගුවන් සංග්‍රාමික බලසේනා සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ සෙබළුන්, නාවික හමුදා සෙබළුන් සහ ගුවන් හමුදා සෙබළුන් විදේශිය හමුදා සෙබළුන් සමඟ එක්ව සැප්තැම්බර් මස (23) දින මධ්‍යහනේ සාර්ථකව දියත් කරනු ලැබූ අතර එම අවස්ථාවට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, රාජ්‍ය නිලධාරින්, ත්‍රිවිධ හමුදාධිපතිවරුන්, ත්‍රිවිධ හමුදා සාමාජිකයින්, අනෙකුත් ආරාධිතයින්, මාධ්‍යවේදින් ඇතුළු සිවිල් වැසියන් විශාල පිරිසක් සහභාගි වූහ.
2019-09-22 10:42:29
යුද්ධ හමුදාධිපතිතුමන් යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ සිදුකළ පළමු නිල සංචාරයට සමගාමීව යාපනය අර්ධද්වීපයේ අඩු ආදායම්ලාභි පවුල්වල සිසුන්ට තවත් පාපැදි තොගයක් සහ ආර්ථීක වටිනාකමින් යුත් පැළ තොගයක් බෙදාදීමේ උත්සවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සෙනසුරාදා (21) දින යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ දී පැවැත්විණි.
2019-09-21 09:26:25
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු සියලුම නිලයින් ඉකුත් සිකුරාදා (20) දින ඇමතූ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අනාගත දැක්ම පිළිබඳ පැහැදිලි කරමින් යුද්ධ හමුදාවේ ප්‍රමුඛතම වගකීම රටේ ජාතික ආරක්ෂාව සහ එහි ජනතාව සෑමවිටම ආරක්ෂා කිරීම බව අවධාරණය කළේය. කැපවීම, විනය, සන්නිවේදන කුසලතා, අත්දැකීම් හා ස්වයං සංවර්ධනය යනාදී කරුණු තුළින් ජාතිය ගොඩනැගීම, සහජීවනය හා සංහිඳියාව යන ජනවාර්ගික සමගිය පෝෂණය කිරීම සඳහා සේවය කළ හැකි පූර්ණ මට්ටමේ සොල්දාදුවෙකු බවට ඔබ පත් කරනු ඇතැයි යුද්ධ හමුදාධිපතිතුමන් පැවසීය.
2019-09-19 08:57:26
කොහුවල විට්ලීෆ් රංග කලා අධ්‍යයන ආයතනයේ (Whyteleaf Performing Arts Academy) අධ්‍යාපනය හදාරණ ළමුන් පිරිසක් ඉකුත් බදාදා (18) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවී මේ වනවිට දියත් කර ඇති පරිසරයේ තිරසාරභාවය සඳහා සුවිශේෂී ව්‍යාපෘතියක් වන ‘තුරුලිය වෙනුවෙන් අපි’ ව්‍යාපෘතිය සඳහා රුපියල් ලක්ෂ 2 ක වටිනාකමකින් යුතුය ජලය රඳවා තබා ගැනීමේ මැටි මුට්ටි සහ මුල්‍යමය පරිත්‍යාගයක් සිකරනු ලැබීය.