2019-10-24 20:34:15
‘Colombo Air Symposium 2019’ ‘කුඩා ගුවන් හමුදාවක්: අනාගත දැක්ම සාක්ෂාත් කර ගැනීමේ ඉදිරි මාවත’ යන තේමාව යටතේ ඉකුත් බ්‍රහස්පතින්දා (24) දින උදෑසන අත්තිඩිය ඊගල්ස් ලේක්සයිඩ් භෝජන සංග්‍රහ සහ සම්මන්ත්රණ ශාලාවේදී ගුවන් හමුදා මෙහෙයුම් ක්ෂේත්රයේ ප්‍රවීණයන් රැසකගේ සහභාගීත්වයෙන් ආරම්භ විය.
2019-10-22 10:10:48
මහනුවර පුෂ්පදාන බාලිකා විද්‍යාලයෙන් බිහිකළ ක්‍රීඩා සහ විවිධ විෂය බාහිර ක්‍රියාකාරකම් හි දක්ෂතා දැක් වූ ජයග්‍රාහිකාවන් 400 දෙනෙකු ඉකුත් සදුදා (21) දින එම පාසල් පරිශ්‍රයේදී පැවැත් වු වර්ණ රාත්‍රියෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ වත්මන් හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ සුරතින් සම්මාන ලබාගැනීමේ සුවිශේෂි වරප්‍රසාදය හිමිකරගත්හ.
2019-10-18 12:53:23
යුද්ධ හමුදාධිපති ධූරයේ රාජකාරීන් භාර ගැනිමේන් අනතුරුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේ සිදු කළ ප්‍රථම නිල සංචාරයේදී සිකුරාදා (18) දින උදෑසන එම ප්‍රදේශය තුළ යුද්ධ හමුදාව ආරක්ෂක කටයුතු සඳහා භාවිතා කළ රජයේ සහ පෞද්ගලික අයිතිකරුවන්ට අයත් ඉඩම් අක්කර 150.15 ක ප්‍රමාණයක් නිල වශයෙන් බෙදාදීමේ උත්සව අවස්ථාව සඳහා සහභාගී විය.
2019-10-14 15:35:30
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විශීෂ්ඨ පාබල රෙජිමේන්තුවක් වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් ‘පෙරමුණේ සිට හෙළය රකින...’ (ජාතිය ඉදිරි පෙළින් ආරක්ෂා කිරීම) නැමැති ඔවුන්ගේ තේමා ගීතය පෙරදැරි කරගනිමින් රටේ සාමකාලීන යුද ඉතිහාසයේ නව යුගයක් සනිටුහන් කරමින් සඳුදා (14) දින සිය 36 වන සංවත්සර දිනය අනුරාධපුර.....
2019-10-13 16:22:56
ඉනාමළුව රොටරි ග්‍රාමයෙහි පදිංචි දරුවන් දෙදෙනෙකු සිටින අසරණ මවක් වෙනුවෙන් යුද්ධ හමුදාවේ ශ්‍රමදායකත්වයෙන් ඉදිකරනු ලැබූ ‘සිහින’ නිවස අද (13) දින උදෑසන මෙම ව්‍යාපෘතියේ පුරෝගාමීයා වන යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් නිවාසලාභි දමයන්ති කුමාරි මහත්මිය වෙත නිල වශයෙන් භාරදෙන ලදී. එම අවස්ථාවේදී නිවාසලාභී දමයන්ති කුමාරි මහත්මිය අදහස් දක්වමින් “මටත් මගේ අසරණ වූ දරුවන් දෙදෙනාටත් තිබූ සිහිනයක් සැබෑ වී තිබේ. අප වටා තවමත් හොඳ යහපත් සමාජයක් තිබෙන බව මට තවමත් විශ්වාස කළ නොහැකිය...
2019-10-10 17:12:33
70 වන යුද්ධ හමුදා දිනය වෙනුවෙන් ගාලු මුවදොර පිටියෙහි පැවති වර්ණවත් පෙලපාලිය සඳහා ආරාධිත අමුත්තන්, රාජ්‍ය නිලධාරීන්, හිටපු හමුදාධිපතිවරැන්, ප්‍රවීණයන් හා ඔවුන්ගේ බිරින්දෑවරුන් සහභාගි වු අතර එහි ප්‍රධාන අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුදා උත්තමාචාරය මධ්‍යයේ සහභාගි විය.
2019-10-10 12:23:35
ඔක්තෝබර් මස 10 වන දිනට යෙදුණු 70 වන යුද්ධ හමුදා දිනය 23 වන යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් අද (10) දින උදෑසන ගාලුමුවදොර පිටියේදී වර්ණවත් පෙළපාළියක් සමගින් අභිමානවත් අයුරින් සමරනු ලැබීය. එහිදී, 70 වසරක යුද්ධ හමුදා ඉතිහාසයේ ප්‍රථම වතාවට නිලධාරීන් 210 ක් සහ සෙසුනිලයින් 7000 කට නිල උසස්වීම් සහ නිල ස්ථිර කිරිම් සිදු කරන බවට යුද්ධ හමුදාධිපතිතුමන් අවධාරණය කළේය.
2019-10-09 22:00:24
නිර්භීතකම, කැපවීම සහ පරාර්ථකාමීත්වයෙන් යුතුව අසමසම වාර්තා රැසක් අත්පත් කරගත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව බ්‍රහස්පතින්දා (ඔක්තෝබර් මස 10) දින සිය 70 වන යුද්ධ හමුදා දිනය අභිමානවත් අයුරින් සමරනු ලබයි. බ්‍රිගේඩියර් ආර්. සින්ක්ලෙයාර් ගේ අණදීම යටතේ පළමු නිත්‍ය බලසේනාව පිහිටුවීමෙන් පසුව 1949 ඔක්තෝබර් 10 වන දින ලංකා හමුදාව ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ආරම්භ කරන ලදී. දියතලාවේදී යුද්ධ හමුදා විද්‍යාපිඨය පිහිටුවීමත් සමඟ බ්‍රිගේඩියර් ඇන්ටන් මුතුකුමරු ලංකා හමුදාවේ ප්‍රථම ශ්‍රී ලාංකික හමුදාධිපති ලෙස පත්විය.
2019-10-08 23:38:28
ඔක්තෝම්බර් මස 10 වන දිනට යෙදෙන 70 වන යුද්ධ හමුදා සවත්සරයට සමගාමීව මාතෘභූමිය වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කිරීමේ රණවිරු අනුස්මරණ උත්සවයක් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් අද (08) දින සන්ධ්‍යාවේ බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී පැවැති අතර එම අවස්ථාවට යුද්ධ හමුදා සාමාජිකයින් සියගණනක් සහභාගි වූහ.
2019-10-08 12:00:47
යුද්ධ හමුදා 70 වන සංවත්සරයට සමගාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදා බෞද්ධ බලමණ්ඩලය විසින් ඉකුත් සඳුදා (7) දින සන්ධ්‍යාවේ පනාගොඩ ශ්‍රී බෝධිරාජාරාමයේ දී (යුද්ධ හමුදා විහාරස්ථානය) සංවිධානය කරන ලද සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනාවට යුද්ධ හමුදා සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් විශාල පිරිසක් සහභාගී වූහ.