77 වන නිදහස් උළෙල අභිමානයෙන් සමරමු !
2025-02-04
77 වන නිදහස් දිනය වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමා විසින් නිකුත් කරන ලද පණිවිඩය පහත දැක්වේ:
Defender of the Nation
2025-02-04
77 වන නිදහස් දිනය වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමා විසින් නිකුත් කරන ලද පණිවිඩය පහත දැක්වේ:
77 වැනි ජාතික නිදහස් දින සැමරුම මෙරටේ නව යුගයක සමාරම්භය සනිටුහන් කරන නිදහස් දින උත්සවයක් බවට පත්වෙන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න මැතිතුමා අද (ජන 30) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ පැවති නිදහස් දින සැමරුම් පෙළපාලිය පිළිබඳ...
උසස් ආරක්‍ෂක අධ්‍යයන අංශයේ ප්‍රමුඛතම ස්ථානයක් හිමි සපුගස්කන්ද ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ‘පවුරේ කීර්තිය’ (Wall of Fame) වෙත ඇතුළත් කළ වත්මන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී ගේ ඡායාරූපය එතුමන්ගේ සුරතින් නිරාවරණය කරන ලදී.
රුසියානු සමූහාණ්ඩුවේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජාත්‍යන්තර හමුදා සහයෝගීතාව සඳහා වූ ප්‍රධාන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නියෝජ්‍ය ප්‍රධාන මේජර් ජෙනරල් ඇලෙක්සැන්ඩර් ඉවානොවිච් සින්චෙන්කෝ සහ එතුමන්ගේ දූත පිරිස 2025 ජනවාරි මස 27 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී හමුවිය.
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී සමඟින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ස්වෙන්ද්‍රිනි රොද්‍රිගෝ මහත්මිය සිය ධූරයන්හි රාජකාරි භාරගැනීමෙන් අනතුරුව 2025 ජනවාරි මස 19 දින ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති අතිපූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි නායක හිමිපාණන් බැහැදැක ආශිර්වාද ලබාගත්හ.
ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව නියෝජනය කරනු ලබන සිව්වන යුද්ධ හමුදාධිපති වශයෙන් අභිනවයෙන් ධූරයේ රාජකාරි කටයුතු භාරගත් 25 වන යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී වෙත ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ ගෞරවාචාරය පුදකරමින් 2025 ජනවාරි මස 17 දින උපහාර පෙළපාලියක් පවත්වන ලදී.
‘ජාතිය නඟාසිටුවීමේ උදාරතර කාර්යභාරයට උරදීම සඳහා ස්වයං විනයකින් සහ සැබෑ කැපවීමකින් රාජකාරියේ නිරත වීම සැමගේ වගකීමයි’- වැඩබලන ආරක්‍ෂක අමාත්‍යය
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී 2025 ජනවාරි මස 16 දින කොළඹ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී මෙරට අග්‍රාමාත්‍ය ගරු ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය හමුවිය.
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩියු පීඑස්සී අයිජී, සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් සහ සිවිල් කාර්ය මණ්ඩල සාමාජිකයින් සමඟ එක්ව, ලක්දිව පුරා සිටින සියලුම ආදරණීය හින්දු බැතිමතුන්ට ප්‍රීතිමත් තෛපොංගල් උත්සවය වෙනුවෙන් හෘදයාංගම සුභ පැතුම් එක් කරයි.
නව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජී 2025 ජනවාරි මස 08 දින ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී, ආර්ඩබ්ලිව්පී (දෙවරක්), ආර්එස්පී (දෙවරක්), යූඑස්පී, එම්එම්එස්සී (යුද උපායමාර්ගික අධ්‍යයනය - චීනය), එම්එස්සී (ආරක්‍ෂක අධ්‍යයන) කළමණාකරන, එම්එස්සී (ආරක්‍ෂක සහ උපායමාර්ගික අධ්‍යයනය), එෆ්එන්ඩීයූ (චීනය), පීඑස්සී හමුවිය.