2019-11-22 10:10:54
සමෘද්ධිය, සංහිඳියාව සහ සංවර්ධනය මූලික කරගත් නව යුගයක් සංකේතවත් කරමින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (21) දින පැවති කෙටි උත්සවයක දී, හිටපු ජනාධිපති, විපක්ෂ නායක ගරු මහින්ද රාජපක්ෂ මැතිදුන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ඉදිරියේදී දිවුරුම් දුන්නේය.
2019-11-18 17:54:59
ශ්‍රී ලංකාවේ 7 වන විධායක ජනාධිපති ධූරයට පත්වූ සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ දිවුරුම්දීමේ උත්සවය අද (18) දින උදෑසන දකුණු ඉන්දීය ආක්රමණිකයා වන එලාර පරාජය කරමින් මුළු රටම එක්සේසත් කළ දුටුගැමුණු මහ රජතුමා විසින් ඉදිකරන ලද පූජනීය රුවන්වැලි මහා සෑරඳුන් අභියසදී පැවැත්විණි.
2019-11-15 22:11:25
තවත් නොබෝ දිනකින් ජනාධිපති ධූරයෙන් නික්මයාමට නියමිත සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ට ගෞරව දැක්වීම පිණිස ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් ඇතුළු අනෙකුත් නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ෂැන්ග්‍රිලා හෝටලයේදී විශේෂ භෝජන සංග්‍රහයක් බ්‍රහස්පතින්දා (14) දින සන්ධ්‍යාවේ පවත්වනු ලැබීය.
2019-11-14 17:47:21
යුද්ධ හමුදාධිපතිතුමන් ශ්‍රී ජයවර්ධනපුර නව යුද හමුදා මූලස්ථාන සංකීර්ණයේ පිහිටි යුද හමුදාධිපති කාර්යාලයේදී අද (14) දින පෙරවරුවේ හමුදා සම්ප්‍රදායානුකූල චාරිත්‍ර වාරිත්‍ර මධ්‍යයේ සිය ධූරයේ රාජකාරී ආරම්භ කරන ලදී.
2019-11-08 12:59:30
බත්තරමුල්ල ශ්‍රී ජයවර්ධනපුර අභිනවයෙන් ඉදිකළ ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානය සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිවිධ හමුදාධිපතිවරුන්, ගෞරවණීය ආරාධිත අමුත්තන්, රාජ්‍ය නිලධාරීන්, ප්‍රවීණයන්, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් සිකුරාදා (8) දින උදෑසන පැවති ජාතික උත්සවයකදී අති උත්කර්ෂවත් අන්දමින් විවෘත කරනු ලැබීය.
2019-11-01 21:25:45
මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරු ‘තරුණ සහ මහළු’ පාර්ශවයන් ඇතුළු විවිධ තරාතිරමේ පුද්ගලයින් ඉකුත් සිකුරාදා (01) දින තම විදුහල් මාතාවගෙන් බිහි වූ කැපී පෙනෙන ආදී ශිෂ්‍යයෙකු වන වීරත්වයෙන් පරිපූර්ණ වත්මන් යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හට කඳු බෑවුම් වලින් සපිරි මාතලේ නගරයට ආරාධනා කරමින් ඇගයුමට ලක් කරන ලදී.
2019-10-31 21:42:54
කුරුණෑගල, හෙරලියාවල ප්‍රදේශයේ ස්ථාපිත නව ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළු පරිශ්‍රයේ ඉකුත් බ්‍රහස්පතින්දා (31) දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයක් අතරතුර ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ විරෝදාර රණවිරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට නව නිවාස ඉදි කරගැනිම සඳහා රුපියල් මිලියන 30 කට ආසන්න අති දැවන්ත මුදල් සම්භාරයක් ප්රදානය කරන ලදී. තවද, යුද්ධ හමුදා සාමාජිකයින්ගේ හා සිවිල් සේවකයින්ගේ පවුල්වල අධ්‍යාපනය හදාරණ සිසුන්ට මසකට රුපියල් 3000 බැගින් වූ ශිෂ්‍යත්ව 32 ක් ද මෙහිදි පරිත්‍යාග කරන ලදී.
2019-10-29 09:49:42
පසුගිය වසර කිහිපය තුළ යුද්ධ හමුදාවට සහ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවට ගෞරවයක් හා කීර්තියක් අත්කරදුන් එම රෙජිමේන්තුවේ ක්‍රීඩකයින් 168 දෙනෙකු පැසසූමට ලක් කිරීමේ ‘වර්ණ රාත්‍රිය’ (Craftsmen's Colours Night) ඉකුත් සඳුදා (28) දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර එහිදී සියලු ජයග්‍රාහකයින් ඇගයූමට ලක් කරමින් විශේෂ සම්මාන ප්රදානය කෙරිණි.
2019-10-28 17:19:23
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විශේෂ බලකායේ සවිස්තරාත්මක පුහුණු වැඩසටහනක් පිළිබඳ වැඩිදුර අධ්‍යයනය කිරීමට නයිජීරියානු යුද්ධ හමුදාවේ හය දෙනෙකුගෙන් සමන්විත ඉහළ පෙළේ නියෝජිත කණ්ඩායමක් මේ වනවිට දින පහක සංචාරයක් සඳහා දිවයිනට පැමිණ ඇත.
2019-10-26 06:55:19
මාතෘභූමියේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් තම දිවි පුදා උදාර කැපකිරීම් සිදු කළ ශ්‍රී ලංකා පාබල හමුදාවේ විරෝදාර රණවිරුවන් 3878 දෙනෙකුගේ අමරණීය මතකයන් සිහිපත් කරමින් ඔවුනට උපහාරයක් වශයෙන් ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් වර්ණවත් හමුදා සම්ප්‍රදායානුකූල උත්සවයක් පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී ඉකුත් සිකුරාදා (25) දින පැවැත්විණි.