2020-01-06 20:59:11
ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බළසේනාව (SLAVF) විසින් සංවිධානය කරන ලද පෙර නොවූ විරූ ආකාරයේ විශාල හා බහුකාර්ය සුභසාධන ව්‍යාපෘතියක් ලෙස නිත්‍ය බළසේනාවේ සහ ස්වේච්ඡා බළසේනාවේ යුද්ධ හමුදා පවුල්වල පාසල් සිසු සිසුවියන් 1511 දෙනෙකුන් සඳහා මූල්‍ය ආධාර, ශිෂ්‍යත්ව, අධ්‍යාපන දිරිගැන්වීම්, අගය කිරීමේ පදක්කම් සහ ආධාර ප්රදානය කිරීමේ දැවැන්ත උත්සවයක්...
2020-01-02 11:15:25
ත්‍රිවිධ හමුදාවම නියෝජනය කරමින් නව වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අද (2) දින උදෑසන බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාව පරිශ්‍රයේ පිහිටි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේදී පැවති කෙටි උත්සවයකදී රාජකාරි ආරම්භ කරන ලදී.
2020-01-01 13:22:13
ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේදී අද (01) දින ශ්‍රී ලංකා ජාතික ධජය, යුද්ධ හමුදා ධජය සහ උත්සව කොඩි ළෙලදෙමින් කෙටි උත්සවයක් පවත්වා අභිමානවත් 2020 නව වසරේ පළමු වැඩ කරන දිනය රාජ්‍ය ප්‍රතිඥාව කියවමින් සහ යුද්ධ හමුදාධිපතිතුමන්ගේ නිවේදනය සමඟින් ආරම්භ කරන ලදී. මෙම දිනයේ වැඩ කටයුතු යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ සම්ප්රාප්තියත් සමඟ.....
2019-12-31 22:44:06
සමෘද්ධියෙන් පිරිපුන් නව යුගයක් අප සැමට ලබා ගත හැකිය යන බලාපොරොත්තුවෙන් ජාතියේ යහපත උදෙසා වඩා හොඳ සේවයක් දිවයින වෙනුවෙන් ඉටුකිරීම අධිෂ්ඨාන කරගෙන, නව වැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරින්, සෙසු නිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය විසින් අපගේ ලෝක වාසී පාඨකයින්ට ලබන්නා වූ 2020 නව වසර සාමය, සතුට පිරි සෞභාග්‍යමත් සුභ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරයි !
2019-12-30 08:00:53
විවිධ ක්‍රීඩා කෞෂලයන්ගෙන් හෙබි නොසැලෙන ධෛර්යයකින් යුත් මානුෂීය මෙහෙයුමේදි විවිධ ආබාධවලට ලක්වු යුද්ධ හමුදා රණවිරුවන් 700 කගේ පමණ සහභාගිත්වයෙන් පැවැති 22 වන ‘ශ්‍රී ලංකා යුද්ධ හමුදා පැරා ක්‍රීඩා උළෙල - 2019’ අද (29) දින සුගතදාස ක්‍රීඩාංගනයේදී අලංකාරවත් සංදර්ශනයකින් අවසන් වූහ.
2019-12-29 11:57:59
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් දිවයින පුරා වෙරළ පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් ජාතික වෙරළ හා සමුද්‍ර සම්පත් සංරක්ෂණයට අදාළ සමුද්‍රීය පාරිසරික ආරක්ෂක අධිකාරිය (MEPA) සමඟ සමීප සම්බන්ධීකරණයෙන් යුතුව පොදු සමාජ වගකීම් (CSR) ව්‍යාපෘතියක් ලෙස ඉරිදා (29) දින උදෑසන දියත් කරනු ලැබූහ. මෙම වැඩසටහන යුද්ධ හමුදා භටපිරිස් 2300 කට අධික පිරිසක් රට පුරා ස්වේච්ඡා සේවකයින් හා රාජ්‍ය සේවකයින් සමගින් අත්වැල් බැදගෙන සිදු කරනු ලැබීය.
2019-12-27 16:07:04
යුද හමුදා රෙජිමේන්තු එකොළහක් නියෝජනය කරමින් විවිධ හැකියාවන්ගෙන් යුත් 700 කට අධික ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිය ක්‍රීඩා කෞෂල්‍යයන් ප්‍රදර්ශනය කරන 22 වන යුද හමුදා පැරා ක්‍රීඩා උළෙල අද (27) දින සුගාත දාස ක්‍රීඩාංගණයේදී ආරම්භ කරනු ලැබීය. පැවති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සභාගී වූහ.
2019-12-24 22:02:04
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු සියළුම නිලධාරීන්, යුද්ධ හමුදා සාමාජිකයින් සහ සිවිල් කාර්ය මණ්ඩල සාමාජිකයින් විසින් ලෝකය පුරා විසිරී සිටින අපගේ පාඨකයන් හට ප්‍රීතිමත් නත්තලක් ප්‍රාර්ථනා කරන්නෙමු !
2019-12-23 09:20:19
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලබන වන සංරක්ෂණ හා රට අලංකාරවත් කිරීම සඳහා වූ ජාතික මෙහෙවරට තවත් එක් පියවරක් එක් කරමින්, රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන පැළ රෝපණ, නාගරික වනාන්තර, හරිත මාර්ග, හරිත ආවර්ණ සහ කෘෂි වනවගා පද්ධති ස්ථාපිත කිරීම සඳහා වන පරිසර හිතකාමී හරිත ව්‍යාපෘති සංකල්පයට සමගාමීව...
2019-12-21 17:00:27
දියතලාවේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨ ඉතිහාසයට අමරණීය මතකයක් එක් කරමින් ආරක්ෂක අමාත්‍යාංශයේ සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ආරධනයකට අනුව, සෙනසුරාදා (21) දින පැවැති කෙඩෙට් නිලධාරීන් 321 දෙනෙකුගේ විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් සහභාගි විය.